මහින්ද නැති තැන ගෝඨා හොදයි, සුලු ජාතික ඡන්දත් ලැබෙයි ! – ජනක බණ්ඩාර තෙන්නකෝන්

2020 වසරට නියමිත ජනාධිපතිවරණයේදී මහින්ද පාර්ශවයේ අපේක්‍ෂකයා විය යුතු හිටපු ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කර තිබේ.
පවතින ව්‍යවස්ථාව පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසා ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කළ හැකි හොදම අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව ඔහු පෙන්වා දෙයි. තවද මහින්ද රාජපක්‍ෂ තරගයට නොමැති විට සුදුසුම කෙනා හිටපු ආරක්ගෝෂක අමාත්‍යංශ ලේකම්වරයා බව කියන ජනක බණ්ඩාර මන්ත්‍රිවරයා ඔහුට සුළු ජාතික ඡන්ද නොලැබෙන බව කියන්නේ කරුණු හරිහැටි නොදන්නා පිරිසක් බව කියයි. අද වන විට දෙමල මුස්ලිම් ජනතාව 2015 දී තමන් විශාල රැවටීමකට ලක් වූ බව පිලිගෙන ඇති නිසා ගෝඨාභය රාජපක්‍ෂ ඉතිහාසයේ නොවූ විරූ ජයග්‍රහණයක් ලබනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

Chandana Sirimalwatte :