Posted on 07.15.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
(TopNews) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව පුරප්පාඩුවන ජනාධිපති ධූරය සඳහා නව ජනාධිපතිවරයකු පත් කරගැනීම වෙනුවෙන් නාම යෝජනා බාරගැනීම මෙම 19 වැනි දා සිදු කිරීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත. ඒ අනුව නව ජනාධිපති පත් කර ගැනීමේ ඡන්ද විමසිම 20 වැනි දා පැවැත්වීමට ද එහිදි තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
