මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අැතුළු රාජපක්ෂ පාලනය සමයේ අතුරුදන් කළ පිරිසක් වෙනුවෙන් සමරු වැඩසටහනක් සහ විරෝධතාවක් ඊයේ (25) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනාධිපතිවරණයට දින ෙදකක් තිබියදී රාජගිරියේදී වාහනයට නංවාෙගන ගොස් ගිරිතලේ හමුදා වධකාගාරයකදී වද දී මරා දමන ලද බවට සහ සිරුර නැගෙනහිර සාගරයට ගෙන ගොස් දමන ලද බවටත් සැක කල හැකි තොරතුරු අනාවරණය විය. අතුරුදන් කල මාධ්‍යවේදියාගේ බිරිඳ හා නාවික හමුදාවට සම්බන්ධ අතුරු හමුදා කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ යැයි අනුමාන කෙරෙන දරුවන්ගේ මව්වරුන් පිරිසක් එක්ව සංවිධානය කරණ ලදී.
‘අපේ ජීවිත වෙනුවෙන් අපි’ මැයෙන් නම් කර දේව යාදින්නක ස්වරූපයෙන් සංවිධානය කර තිබුනු මෙම අවස්ථාවට ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ, පුතු සංජය එක්නැලිගොඩ ඒක්ව සිටියහ.