5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට

5 ශේණිය සිසුන් සඳහා පවත්වනු ලබන තරගකාරී ශිෂ්‍යත්ව විභාගය හෙට(20) දින මධ්‍යස්ථාන 3,014දී පැවැත්වීමට නියමිත ව ඇත.

හෙට පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 356,728ක් සුදුසුකම් ලබා ඇති අතර විභාග දෙපාර්තමේන්තුව විසිස් මේ සඳහා කාර්ය මණ්ඩලය 28,000ක් පමණ යොදවා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් උදෑසන 9.00වන විට මධ්‍යස්ථානයන්හි අදාළ ශාලා වෙත පැමිණ සිටින ලෙස සියළු අපේක්‍ෂකයන් වෙත දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

බොහෝ දෙමාපියන් සිය දරුවන් ජනප්‍රිය පහසුකම් සහිත ජාතික පාසලක් වෙත යොමු කිරීමේ අරමුණින් මෙම විභාග කඩයිම ජයග්‍රහණය කරවීම සඳහා කුඩා කල සිටම ප්‍රමුඛතාවය ලබා දෙමින් ළමුන් ඒ සදහා යොමු කරනු ලබති.

 

Lahiru Umayangana :