‘අඩ නිරුවත් සොල්දාදුවා’ අධිකරණ අමාත්‍යංශය ඉදිරි පිට උද්ඝෝෂණයක !

සිවිල් සංවිධාන රැසක් එක්ව ‘දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය‘ විසින් ඊයේ (23) පැවැත්වූ විරෝධතාවයේදී නිරූපණ කලා භාවිතයේ යෙදුණු ශිල්පියකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කළ බව වාර්තා වේ.

කැමුෆ්ලාජ් බැනියමක් සහ බූට් සපත්තුවක් පැළඳ යටිකය අඩනිරුවතින් විරෝධතාවයට එක් වූ මෙම තරුණයා අත උතුරේ යුද සමය පිළිබද ලියැවුණු සුප්‍රකට ‘බිඳුණු තල් රුක’ කෘතිය විය.  කලිසම නැති සොල්දාදුවාගේ නිරූපණය පිළිබද කලබල වූ පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ විට විරෝධතාකරුවන්ගේ විරෝධය මැද පොලිසියට ඔහු අත්අඩංගුවට ගැනීම දුෂ්කර විය.

Save

Chandana Sirimalwatte :