රාජිතගෙ අරලිය දන්සැලේ 5000ක කෑම වියදම මිලියන 1.75යි – පාර්සලයක් රු. 350ක්ලු !

මැතිවරණ සමය එළඹෙත්ම ප්‍රචාරක කාර්යයක් ලෙස අරලිය ගහ මන්දිරයට රැස් කළ සෞඛ්‍ය සේවා පත්වීම්ලාභින්ට කෑම පාර්සල් 5000 සඳහා මිලියන 1.75 ක මුදලක් වැය කරන්නට කටයුතු කර ඇති බව හෙළිවී තිබේ.

එසේ කැදවන පත්වීම් ලාභින්ගේ කෑම පාර්සලයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් 350/- බැගින් බවත් ඒ අනුව සාමාන්‍යෙයන් රු. 200ක් පමණ වැයවන දිවා ආහාර පාර්සලයකට අධික වියදමක් දමා ඇති බවටත් චෝදනා එල්ල වී ඇත. කෙසේවෙතත් මෙසේ ලබාදුන් දිවා ආහාර පාර්සල් සියල්ලම ආහාරයට ගැනීමට නුසුදුසු තත්වයේ තිබී ඇත. ඊයේ (11) අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය අමාත්‍යංශයේ කැදවීමෙන් පත්වීම් ලිපි බෙදා දීමේ උත්සවයකට සහභාගී වූ පත්වීම් ලිපිලාභීන් සහ ඔවුන්ගේ ඥාතීන් වන 5000 ක පමණ පිරිසකට මෙසේ පිළුණු ආහාර පාර්සල් බෙදා දීම සිදුව තිබේ.

Chandana Sirimalwatte :