පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් පසුව අැතිව තිබෙන නව දේශපාලන තත්වය හැසිරවීමට සහ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අාණ්ඩුවක් බිහි කරන්නට ඒක්සත් ජනපදය හා ඉන්දියාව මැදිහත් වන බවට කරුණු අනාවරණය වෙමින් තිබේ.
ලංකාෙව් ඉන්දිය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ඊයේ අගමැති සහ ජනාධිපති හමුවී සාකච්ඡා කර අැති අතර දුර්වල අාණ්ඩුවක් පිහිටුවනවාට වඩා ස්ථාවර අාණ්ඩුවක් පිහිටුවීම ඔහු විසින් අවධාරනය කර අැති බවද පැවසේ. අැත්ත වශයෙන්ම ඉන්දියානු අවශ්‍යතාව වන්නේ ‘ඒට්කා’ ගිවිසුම අත්සන් කිරීම හා මින් පෙරාතුව සැලසුම්කර අැති අාකාරයට ලංකාවේ අාර්ථික කටයුතුවලට ඉන්දියාව සිදුකරන මැදිහත්වීම බාධාවකින් තොරව සිදුකිරීම බව පැහැදිලිය. ඒ් අනුව ස්ථිර අාණ්ඩුවක් ලෙස ඔවුන් අවධාරනය කරන්නේ මහින්ද රාජපක්ෂ යළි පැමිණීමකි. රාජපක්ෂ පාලන සමයේ පැවති අදහස වූයේ ‘ඒට්කා’ ගිවිසුම අත්සන් කරන්නටද මහින්ද රාජපක්ෂ කැමැත්ත ප්‍රකාශ කර තිබුණු බවය.
වර්තමාන ඉන්දිය මහකොමසාරිස්වරයා පසුගිය 2002-2003 රනිල් වික්‍රමසිංහ පාලනය සමයේ ඉන්දිය මහ ෙකාමසාරිස් කාර්යාලෙය් දේශපාලන අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ අතර ඒක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිකිරීමේදී දැඩි උනන්දුවක් දැක්වූවෙකි. ඒක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කර මහින්ද රාජපක්ෂ පාලනය බිහිකරන්නට ඒම ෙද්ශපාලන සන්ධානය බිහිකිරීමේ අරමුණින් ඔහු විශාල සහෙයා්ගයක් දක්වා අැති අතර පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඒම පාලනය සමගසමීපවද කටයුතු කළේය. ඒ් අනුව, ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග කළ සාක්ඡාෙව් අැත්ත අරමුණ වන්නේ පවතින හවුල් අාණ්ඩුවේ දුර්වල වියවුල් සහගත පාලනය වෙනුවට ෙද්ශපාලන බලයක් පෙන්වා අැති මහින්ද රාජපක්ෂ නැවත බලයට ලෙන ඒ්මේ මාවතක් පාදාගැනීම විය හැකිය. ඒවැනි පාලන වෙනසක් මගින් ඉන්දිය අවශයතා ඉක්මනින් ඉටුකරගන්නට හැකිවනු අැති බවට ගණන් බැලීමක් තිබෙන්නට පුළුවන.
මේ අතර ඒක්සත් ජනපද තානාපති අටුල් කෙෂප් විසින්ද සාකච්ඡා පවත්වා අැති බව අනාවරණය වී තිබේ. ඒක්සත් ජනපද තානාපති කාර්යාලයේ මැදිහත්වීම සිදුවන්නේ නිසැකවම ඔවුන්ෙග් දේශපාලන සහ අාර්ථික අවශ්‍යතා ඉටුකරගැනීමට වියයුතුය. කලාපීය භූ ෙද්ශපාලනයේදී ඒක්සත් ජනපද බල අරමුණු සමග සන්ධානගතව සිටින ඉන්දිය හිතවාදි පාලනයක් හරහා පහසු වන බව ඒක්සත් ජනපදෙය් ද ගණන් බැලීම වනු නිසැකය.
ෙකෙස්ෙවතත්, ඉන්දිය මහ කොමසාරිස්වරයා ජනාධිපති ෙමෙත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡා ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය විමෙන් පසුව ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒම සාකච්ඡා පූර්වයෙන් යොදාගත් සාමාන්‍ය හමුවීම් මිස පළාත්පලාන මැතිවරණ ප්‍රතිඵලයට සම්බන්ධ නොමැති බව ඒයින් පවසා අැත.