අන්තර්ජාල සහ රථවාහන බදු අඩු කෙරේ

අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු සහ රථ වාහන මිලදී ගැනීම සඳහා පනවා තිබු බදු ප්‍රතිශත පහත හෙලීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

අද(17) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අන්තර්ජාල සේවා සඳහා මෙතෙක් පනවා තිබු 10%ක විදුලි සංදේශ බද්ද ඉවත් කර ඇති අතර එන්ජින් ධාරිතාව 150CCට අඩු ජාපනයෙන් ආනයනය කරනු ලබන යතුරුපැදි සඳහා වන බද්ද 90%න් පහත දමා ඇත. තවද ලොරි සහ කුඩා ප්‍රමාණයේ කැබ් රථ සඳහා පනවා ඇති බද්ද 30%න් පමණ අඩුවන බව සඳහන් වේ.

රථවාහන බදු සංශෝධන අද මධ්‍යම රාත්‍රියේ සිට වලංගුවන අතර අන්තර්ජාල සේවා බද්ද සැත්තැම්බර් මස 01වන දා සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

කෙසේ වෙතත් පසුගියදා මාර්ග අනතුරු අවම කිරීමට බව පවසමින් රථවාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉතා විශාල වශයෙන් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබු අතර ඒ සඳහා තරුණ ප්‍රජාව ප්‍රමුඛ ජනතා විරෝධයක් ද මතු වෙමින් තිබුණි.

Lahiru Umayangana :