අාණ්ඩුව කොතරම් බාධා කළත් සයිටම් විරෝධී පාගමන නවත්වන්න බෑ ! – අ.වි.ශි.බ.ම.

අද දිනට නියමිත සයිටම් විරෝධී පාගමන නියමිත පරිදි පැවැත්වෙන බවද කොතරම් රාජ්‍ය මර්දනයක් දියත් වුවද සිය විරෝධතාව අාපස්සට නොගන්නා බවද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඒහි කැදවුම්කරු ළහිරු වීරසේකර අද උදෑසන මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කළේය. සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය, වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් අද (25) දින සංවිධානය කළ විරෝධතා පාගමනට අාණ්ඩුව විසින් ගෙන අා බාධා කිරීම් දක්නට ලැබේ. ඊයේ රාත්‍රියේම පාගමන අාරම්භ කරන්නට නියමිත විජේරාම හන්දියට ෙපාලිස් මාර්ග බාධක හා ජලප්‍රහාර යන්ත්‍ර ගෙනැවිත් කැරලි මර්දන ඒ්කක සීරුවෙන් තබා තිබිණි. මැතිවරණ කාලය තුළ පෙළපාලි පැවැත්විම කහනම් බව පවසමින් පොලිසිය මේ පාමනට ඒරෙහිව වාරණ නියෝග ගෙන තිබිණි. ඒ් බාධා තිබියදී පාගමන යාමට සූදානම් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඒ් පිළිබද ප්‍රකාශය.

Chandana Sirimalwatte :