Posted on 01.16.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පන්ති තහනම් කොට සිටින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට වහාම ශිෂ්‍යභාවය ලබා දෙන ලෙස බලකරමින් යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු හා දෙවන වසරවල සිසුන් අද (16 ) සිට දින පන්ති වර්ජනයක් ආරම්හ කොට තිබේ.
නියමයක් නොමැතිව මෙස් පන්ති වර්ජනයකට ඒළඹෙන්නට සිදුව අැත්තේ කලා පීඨයේ තුන්වන හා හතරවන වසරවල සියලුම සිසුන්ගේ පන්ති තහනම්න් කරන්නට යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ගත් අත්තනෝමතික තීන්දුව නිසා බව ඒම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි. ඒම ගැටුමට සම්බන්ධ සිසුන් පිරිසට එරෙහිව 15 දා විනය පරීක්ෂණයක් කැඳවා තිබුණු නමුත් තුවාල ලැබූ සිසුන් හතර දෙනාගෙන් දෙදෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන බැවින් එම විනය පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දැමීමට විශ්වවිද්‍යාල බලධාරීන්ට සිදු විණි. පාලන අධිකාරිය විනය පරීක්ෂණය කල් දැමීමත් සමඟම ඒම චොද්නාවලට ලක්කළ ශිෂ්‍යයන් පීඩාවට පත්කිරීම හා ශිෂ්‍ය මර්දනය හෙළාදකිමින් කලා පීඨයේ පළමු හා දෙවන වසරවල සිසුන් පන්ති වර්ජනය ආරම්භ කොට අැත. යාපනය විශ්ව විද්‍යාලයේ අනෙක් පීඨවල සිසුන්ටද මෙම පන්තිවර්ජනය සඳහා සහය දෙන මෙන් කලා පීඨයේ පළමු හා දෙවන වසරවල ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ ඉල්ලීමක් කොට තිබේ.