தமிழ்
English
Contact
Friday 3rd May 2019    
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 3-8 | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 3-8



සිව්වැනි වරටත් පැවැත්වෙන යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 3 වැනිදා සිට 8 වැනිදා දක්වා යාපනය නගරයේ, සිනමාහල් කිහිපයකදී පැවැත්වේ.

‘ඇජෙන්ඩා 14’ ආයතනය වෙනුවෙන් ප්‍රවීන සිනමා අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණාගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම සිනමා උළෙලට මෙවර රටවල් 30ක සිනමා කෘති 80ක් පමණ ඇතුළත්වන බව ප්‍රකාශිතය. මෙම චිත්‍රපට උළෙල ඔක්තෝබර් 3 වැනිදා සමාරම්භක උලෙළෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලය, යාපනය මහජන පුස්තකාලය හා මැජස්ටික් සිනෙෆ්ලෙක්ස් යන ස්ථානවලදී පැවැත්වේ.

සිනමා උළෙලේ කාලසටහන සදහා මෙතැනින් පිවිසෙන්න.

http://jaffnaicf.lk/schedule/