චෝදනාව මට අවමානයක්, වන්නි මෙහෙයුමට අණ දුන්නෙ සරත් ෆොන්සේකා – ජගත් ජයසූරිය

යුද්ධයේ අවසන් දිනවල සිදු වූ අපරාධ සම්බන්ධ චෝදනා තමන්ට එල්ල වුවද වන්නි මෙහෙයුමේ භටපිරිස් වෙත අණදුන්නේ හිටපු යුද හමුදාපති  සරත් ෆෝස්සේකා බවත් ඔහු පවා තමන් එම යුද මෙහෙයුම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙන බවත් හිටපු යුදහමුදාපති ජනරාල් ජගත් ජයසුරිය පවසයි.

බ්‍රසීලයේ ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී යුද අපරාධ සිදු කළ බවට මානව හිමිකම් සංවිධාන විසින් එල්ල කරන චෝදනා පිළිබද ඔහු මෙම අදහස් පළ කර තිබේ. වන්නි ආඥාපතිවරයා වශයෙන් තමන් කටයුතු කළ සමයේ භට පිරිස් වෙත අණදීමක් සිදු නොකළ බවත්, එම ධුරයේ කටයුතු කළ ද  සියලු වගකීම් තමන් වෙත පැවරෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය. මේ නිසා ජාත්‍යන්තර අදිකරනය හමුවේ  මතුකර ඇති චෝදනාවලින් තමන්ට විශාල කැළලක් සිදුවන බවත්,  රජයමේ සම්බන්ධයෙන් වහාම පියවර ගතයුතු බවත් ජනරාල් ජගත් ජයසුරිය පැවසීය. එසේම විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී මෙසේ තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනුම් දෙන බවද ඔහු පවසා ඇත.

Chandana Sirimalwatte :