විදුලි පුටු කතා වැඩක් නෑ , චෝදනා අවසන්ද කියලා ආණ්ඩුව තහවුරු කළ යුතුයි – ජගත් ජයසූරිය

අගෝස්තු 05 දක්වා බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස වගකීම දැරූ ජනරාල් ජගත් ජයසූරිය අද(30) දින ලංකාවට පැමිණියේ විදේශ අමාත්‍යංශයෙන් කළ දැනුම්දීමකට අනුව බව ‘හිරු ටීවී‘ වෙත පවසයි.

ඉකුත් 2015 වසරේදී ජනරාල් ජගත් ජයසූරිය බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කරණු ලැබුවේ දෙවසරක කාලයකට බැවින් ජූලි 5 වැනිදා තමන් වෙත ධුරකාලය අවසන්වීම පිළිබද දන්වා තිබුනු බවද ඔහු පවසයි. අගෝස්තු 31 වැනිදාට පෙර ලංකාවට පැමිණෙන ලෙස විදේශ අමාත්‍යංශයේ‍ ලේකම්වරයා ලිඛිතව දැනුම් දුන් නිසා නැවත ලංකාවට පැමිණීමට තීරණය කළ බව ජනරාල්වරයා පවසයි. මේ වනවිට එක්සත් ජනපදයේ සිටින තම ඥාතින් හමුවීමට පවා එරටට යාමට තමන්ට විසා නොලැබෙන බවද ඔහු පවසයි. ඔහු තවදුරටත් පවසා ඇත්තේ විදුලි පුටුවෙන් හමුදා සාමාජිකයන් මුදාගත් බවට ආණ්ඩුව ප්‍රකාශ නිකුත්කළද එක්සත් ජාතින් සමග සාකච්ඡා කර යුද අපරාධ චෝදනා අවසන්ද යන්න තහවුරු කළ යුතු බවයි.

මේ අතර ඔහුට එරෙහිව දකුණු ඇමෙරිකා  රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව නඩු පැවරීම සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප්‍රකාශයක් කරමින් ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසයි. මීට ඉහතදී ද ලංකාවේ ආරක්ෂක අංශවලට මෙවැනි චෝදනා එල්ලවූ නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස ඒවා ප්‍රතික්ෂේප කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Chandana Sirimalwatte :