Posted on 07.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
4.40 am චතුරංග ප්‍රදීප් කුමාර සහ කසුන් කුමාරගේ යන මාධ්‍යවේදින් දෙදෙනා හමුදා භට පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් කොළඹ කොල්ලුපිටියේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාලුමුවදොර අරගලබිම වෙත යාමට ගත් උත්සාහයේදීය.
ගාලුමුවදොර අරගල බිමට කඩාවැදුණු සොල්දාදුවන්ගෙන් මාධ්‍යවේදින්ට පොලු පහර!
4:08 am අද(22) අලුයම කොළඹ ගාලුමුවදොර අරගල බිමට කඩාවැදුණු සන්නද්ධ හමුදා භටයන් විසින් ප්‍රහාරය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදින්ට පොලුවලින් පහරදී ඇත.
අවස්ථා ගණනාවකදී සජීව වීඩියෝ දර්ශන ලබාදුන් මාධ්‍ය වාර්තාකරුවන්ට සන්නද්ධ බඨයන් විසින් පහරදෙනු වාර්තා වී ඇත. BBC වාර්තාකරු ඇතුළු මාධ්‍යවේදින් නිශ්චිත ඉලක්කයක් බවට පත්වූ බවද ප්‍රහාරය වාර්තා කිරීම වැළැක්වීමට ඔවුන් පියවර ගත් බවද ඇසින් දුටුවෝ ප්‍රකාශ කරති.
Xposure News ආයතනයේ මාධ්‍යවේදී රසික ගුණවර්ධන හා Hashtag Generationහි මාධ්‍යවේදී ෂබීර් මොහොමඩ් මේ ආකාරයෙන් සන්නද්ධ භටයන්ගේ ප්‍රහාරයට ලක්ව සිටී.
තම ආයතනයට සජීව වීඩියෝ දර්ශන සපයන මාධ්‍යවේදියකුට පහර දී ඇති බවද ඔහගේ ජංගම දුරකථනය උදුරාගෙන වීඩියෝ දර්ශන මකා දමා ඇති බව BBC පුවත්සේවය වාර්තා කරයි.
