තම දිවි රැක මියගිය නිලධාරියා වෙනුවෙන් යාපනේ විනිසුරු හඩා වැටේ! (Video)

යාපනේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙල්යන් තමන් ආරක්ෂා කිරීමට ඉදිරියට පැන වෙඩි පහර කා මිය ගිය පොලිස් නිලධාරියාගේ බිරියට පහත් වී ආචාර කරමින් මහ හඩින් හඩමින් සිය කණගාටුව පළ කර තිබේ.

තම ජිවිතය ආරක්ෂා කිරිමට කැපවී කටයුතු කර මරණීය තුවාල ලබා අවසන් ගමන් ගිය පොලිස් සාජන් හේමචන්ද්‍ර පිළිබද ශෝකයෙන් ඔහු මෙසේ ආචාර කළේය. කෙටිකලකින් විශ්‍රම ගන්නට නියමිතව සිටි පොලිස් නිලධාරියා මිය ගිය පුවත අසා යාපනය ශික්ෂන රෝහලට ගිය අවස්ථාවේදිද ඔහු මෙසේ හඩා වැටුනු අයුරු වාර්තා විය.

ඊයේ(22) මහාධිකරණ විනිසුරු ඉලන්චෙල්යන් යාපන‍ේ නල්ලූර් කෝවිලේ වතාවත් සිදුකර නිවස බලා යන අතර මග යම් පිරිසක් මාර්ගයේ ගැටුමක් ඇතිකරගෙන තිබේ. මේ නිසා විනිසුරුවරයා ගමන්ගත් වාහනය අවහිර වී තිබේ.  ඉන්පසුව පැමිනි යතුරුපැදිකරුවක් විසින් විනිසුරුවරයා දෙසට වෙඩිතැබීමක් සිදුකළද පොලිස් නිලධාරින්ගේ කැපවිමෙන් ඔහුගේ ජිවිතය ආරක්ෂා විය. වෙඩිතැබීම නිසා තුවාල ලැබූ පොලිස් සාජන් හේමචන්ද්‍ර පසුව යාපනයේ ශික්ෂන රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබද්දී ජීවිතක්ෂයට පත් විය. මහාධිකරණ විනිසුරුවරයා මෙම සිදුවිමෙන් මහත් කම්පාවට පත්ව සිටී.

මෙම පුවත විශේෂයක් වන්නේ අප ජීවත්වන යුගයේ මනුෂ්‍යත්වය වියළී කර්කෂ ලාභාපේක්ෂාවන් පමණක් රජ කරන නිසාය. රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා සේවා ස්ථානවල මිනිස් සබදතා නිල බල තන්ත්‍රයේ යාන්ත්‍රිකභාවයට එහා ගිය මනුෂ්‍යත්වයක් පෙන්වන්නේ ඉතාමත් කලාතුරකිනි.

විනිසුරුවරයා තමන් වෙනුවෙන් දිවි කැප කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් මෙසේ දැඩි ලෙස කම්පා වන්නේ දෙමළ ජනතාව වෙත ජාතිවාදයේ අමනුෂ්‍ය ප්‍රහාරයක් එල්ල කර 34 වසරකින් පසුව බව අවධානයට ගත යුතුය. 1983 ජූලි 23 වැනිදා එ.ජා.ප. මැරයන් විසින් මෙරට ඉතිහාසයේ මානව සබදතා තිරශ්චීන ලෙස යටකරමින් සෙසු ජනයා තම සහෝදරයන් ලෙස විශ්වාස කළ, නිරායුධ දෙමල ජනයා පවුල් පිටින් සංහාරය කළ, දේපල විනාශ කළ වරදට සමාව ඉල්ලීමට එම අපරාධයට වගකිව යුතු නායකයන් අද නොමැතිය. ඉට සමාවක් ඉල්ලන්නට පවා එම  අපරාධකරුවන් නියෝජනය කරන දේශපාලකයන් ඉදිරිපත් නොවේ.

Chandana Sirimalwatte :