2019 වසරේ මුල්භාගයේ පැවැත්වෙනු ඇතියි අපේක්ෂිත ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණින් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ආරංචි මාර්ග හෙළි කරයි.
2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේනගේ ඡන්ද ප‍්‍රමාණය වර්ධනය කිරීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ විරෝධය දැඩි ලෙස පවත්වාගෙන ගිය ජ.වි.පෙ. විධායක ජනාධිපතික‍්‍රමය අහෝසිකරවන්නට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයද කරතබාගෙන ගියේය. එහෙත් වත්මන් ජනාධිපතිවරයා විධායක ජනාධිපතිධුරය අත්හැරීමේ පොරොන්දුව කඩකර මීළග ජනාධිපතිවරණය කැදවන විට ජ.වි.පෙ. මෙන්ම තවත් පාර්ශව අර්බුදයට පත්ව ඇත. එවැනි ඇතැම් පක්ෂ සහ සිවිල් සමාජ ක‍්‍රියාකාරින් යැයි හදුන්වාගත් පිරිසක්ද 2015දී ජනතාවට මෛත‍්‍රිගේ පොරොන්දු ලණුව ගිල්ලවන්නට කටයුතු කළහ. එහෙයින් ඔවුන් දැන් නැවත වරක් ‘සාධාරණ සමාජයක්’ වැනි සංවිධාන හරහා ජනතාව වෙත පැමිණ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරවන්නට තවත් පොදු අපේක්ෂකයකු ගෙන එන බවට ප‍්‍රකාශ කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ තමන්ට වඩාත්ම අවාසිදායක මැතිවරණය ලෙස ජනාධිපතිවරණය ගණන් බලන නිසා මෙවැනි උපක‍්‍රමයකින් ජනාධිපතිවරණය පසුකර යාමට සැරසෙන බව ජ.වි.පෙ. තොරතුරු මූලාශ‍්‍ර අනාවරණය කරයි.