Posted on 06.22.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත 20 වැනි දින සම්මත වීමත් සමඟ එම පනත මඟින් නිදහස් අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිපත්තිය අහෝසි නොවන බවද ඒයින් නිදහස් අධ්‍යාපනය අහෝසි කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ආණ්ඩුව සම්පූරණයෙන් ඉඩකඩ සකස්කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
ඊයේ (21) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍ර‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පක්ෂ මූලස්ථානයේදී පැවැත් වූ මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේය. ඔහු කියා සිටියේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම සහ සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය සමිබන්ධ ගැටලූවලට විරෝධය පළ කිරීමේ අරමුණු පදනම් කරගනිමින් සයිටම් විරෝධී අරගලය ඉදිරියට පැමිණි බවත් ඒම අරමුණු අනුවම ඉදිරියට ගමන් කළ යුතු බවත්ය.
පෙ.ස.ප. ප්‍රචාරක ලේකම්වරයා පළකළ අදහස් කෙටියෙන් මෙසේය.
“ආණ්ඩුව මේ අරගලයට වෙට්ටු දමමින් , ආණ්ඩුවේ උවමනාව ඉස්ඨකරගැනීමට විවිධ යොජනා ගෙන ආවා. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය සෘජුවම මර්දනයට ලක්කළා. එවැනි තත්වයන් ගණනාවක් ඇතුලේ තමයි මේ අරගලය ඉදිරියට පැමිණියේ. ආණ්ඩුව මැදිහත් වුනේ සයිටම් සිසුන්ට අසාධාරණයක් කියක පැත්තෙන් . සයිටම් සිසුනුත් මුලදී හිතුවා ආණුඩුව පෙනීසිටින්නේ ඔවුන් වෙනුවෙන් කියලා. හැබැයි ආණ්ඩුව දිගටම කළේ ඔවුන්ව පාවිච්චි කරගනිමින් පුද්ගලික වෛද්‍ය ආරම්භ කිරීමේ ප‍්‍රතිපත්තිය තහවුරු කරගන්න උත්හකිරීම. එක වෙලාවක යොජනා වුනා sliit ආයතනයට සම්බන්ධ කරවන්න. තවත් වෙලාවක සයිටම් ආයතනය තවදුරටත් පවත්වගන යකන්න. ඒ අතරේ දී තවත් පනත් කෙටුම්පතක් ගෙනවා කොතලාවල ආයතනයට විශේෂ බලයක් පවරලා. ඒ පනතට අනුව 1978 විශ්වවිද්‍යාල පනතට වඩා වැඩි බලතල කොතලාවල ආයතනයට ලබාදෙනවා. ඒ පනත සම්මත වුනානම් අද ලංකාවේ උසස් අධ්‍යාපනයේ මලගම.
මේ පනතේ මූලික වශයෙනස් ගැටලූ 3ක් තිබෙනවා. සයිටම් ආයතනය අහෝසිවෙනවාද නැද්ද යන්න සඳහන් වෙවන්නේ නෑ. දෙවනි ගැටලූව ප‍්‍රමිතිය සම්බන්ධවයි. තුන්වන කාරනය තමයි කොතලාවල කළමණාකරන මණ්ඩලවයට උපාධිය සමිබන්ධ සියලූ තීරණ ගැනීමේ අයිතිය පැවරීම.
ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ යොජනාව වුනේ අවම සුදුසුකම උසස් පෙළ විභාගයන් සාමාන්‍ය සාමාර්ථ(S) දෙකක් සහ සම්මාන සාමාර්ථ (C ඒකක්ක්ලබාගැනීම. මෙම ප‍්‍රමිතියට අරගලයේ සිටි බොහෝදෙනෙක් එකගවුනේ නෑ. මේ නව පනතේ අවම ප‍්‍රමිතිය ලෙස යෝජනා වන්නේ) S3. එය සම්පූර්ණ කළ යුත්තේ ඒක් වරකදී S 3ක්ද නැත්නම් S 1 බැගින් ලබා ගත යුක්තේ විභාග අවස්ථා කිහිපයකද යන්නද සඳහන් වී නෑ.
ඒමෙන්ම උපාධි ප‍්‍රදානය කිරීම සහ උපාධියේ ප‍්‍රමිතිය සම්බන්ධව පූර්ණලෙස තීරණය ගැනීමේ බලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමණාකරන මණ්ඩලයට පවරලා. එම නිසා තවදුරටත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව වගකීමෙන් නිදහස් වෙනවා.
මේ පනතට අවසන් මොහොතේදී සංශෝධනයක් විදිහට කරුණු ප‍්‍රමාණයක් එකතු කරලා තිබෙනවා. ඒ අනුව සයිටම් ආයතනය තවමත් අහෝසි වී නැතත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සයිටම් සිසුන් බදවාගත් පසු සයිටම් ආයතනය වැසී යනවා. මෙය සිටම් විරෝධී අරගලයේ යම් ජයහ‍්‍රහනයක් නමුත් පාසල් අධ්‍යාපනයේ මුදල් අයකරනවා, උසස් අධ්‍යාපනය විකුණන රජයේ මුදලින් අරඹපු විශ්වවිද්‍යාල පවතිනවා. පෞදගලික විශ්ව විද්‍යාලත් පවතිනවා. ඒ වගේම තවදුරටත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමයි රජයේ ප‍්‍රතිපත්තිය. එනිසා තවමත් නිදහස් අධ්‍යාපන සටන අවස්න් වී නැ. එනිසා නිදහස් අධ්‍යාපනය දිනාගැනීම සඳහා සටන් කළ සියලූම බලවේගවලට අපි යොජනා කරනවා. නිදහස් අධ්‍යාපනය රැුකගැනීමේ අරගලයට තව දුරටත් ඉදිරියට ගෙනයන්න එකුවෙන්න කියලා.”