Posted on 08.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රත්නපුර, දමුල්ල සහ යාපනය දක්වා අධිවේගි මාර්ග ව්‍යාපෘතිවලට අරමුදල් සපයාගැනීමේ අරමුණින් දැනට භාවිතයේ අැති අධිවේගි මාර්ග වසර 25කට බදු දීමේ ව්‍යාපෘතියකට අාණ්ඩුව සූදානම් වේ.
කොළඹ, යාපනය, රත්නපුර සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන අධිවේගි මාර්ග සදහා රු. බිලියන 440ක් අවශ්‍ය බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අැමති ලක්ෂ්මන් කිරිඅැල්ල පවසා තිබේ. මෙවැනි ඉදිකිරීම්වලට රාජ්‍ය භාණ්ඩාගාරය මතම යැපෙන්නට නොහැකි බිවැන් ෙවනත් රටවල් කළ පරිදි කටයුතු කරන බවද කිරිඅැල්ල අැමතිවරයා පවසා අැත. ඒ් අනුව දැනට ක්‍රියාත්මක අධිවේගි මාර්ග විදේශ සමාගම්වලට බදු පදනම යටතේ ලබා දෙන්නට අදහස් කරණ බව ඔහු ප්‍රකාශ කෙළ්ය.