කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට වෙඩි තබා ඝාතන උත්සාහයක් සිදුකර අැත්තේ කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නැමැත්තා බවට දැනට සිදුකරණ පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
කිරිවෙහෙර වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු සම්බන්ධව ජනමාධ්‍ය වෙත කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සැකකරු දැනට සිය ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවද සඳහන් කළේය. තවද අද (13) පස්වරුවේ පොලිස් කණ්ඩායම් සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී ෂොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදන ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් හා කඩු දෙකක් පොලිස් බාරයට ගත් බවද වාර්තා විය.