ලලිත් සහ කුහන් පැහැරගැනීමේ සිදුවීම යටපත් කිරීමට ආණ්ඩුව අලුත් කතාවක් ගොතයි

ලලිත් සහ කුහන් පැහැර ගැනීමක් හෝ අතුරුදන් කිරීමක් සිදු නොවූ බවත් ඔවුන් දෙදෙනා බෝට්ටුවකින් විදෙස් ගත වීමට ඉඩ ඇති බවත් තහවුරු කිරීමට රජයේ නීතීඥවරුන් නිර්ලජ්ජිත උත්සාහයක නිරත විය.

ලලිත් සහ කුහන් දේශපාලන ක්‍රියාධරයන් අතුරුදහන් කිරීමට අදාළ නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(08) දින විභාගයට ගැනුණු අවස්ථාවේ ඔවුන් මේ බව ප්‍රකාශ කරන ලදී.

ඔවුන් විසින් තර්කනය කරමින් පවසා සිටියේ ලලිත් සහ කුගන් ගමන් කළ යතුරු පැදිය හමුවූ මාර්ගය ධීවර ගම්මානයක් කරා වැටී ඇති බවත් ඒ ධීවරයන් සතුව බෝට්ටු ඇති බවත් එම නිසා ඔවුන් දෙදෙනා විදෙස් ගත වී ඇති බවත්ය.

කෙසේ වෙතත් අදාළ තර්ක පහසුවෙන් බිඳ දැමීමට පැමිණිළි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සමත් වූ අතර මෙම නඩුව ලබන මාර්තු මස 26වන දින නැවත කැඳවීමට නියමිතය.

යාපනය ප්‍රදේශයේ මෙන්ම අතුරුදන් කිරීම් සිදුවූ බොහෝ ප්‍රදේශවලද බහුතරයක් මාර්ග වෙරළ දිශාවට පවතින අතර අදාළ හාස්‍යජනක තර්කයට අනුව දහස් ගණනක් වූ අතුරුදන්වීම් සියල්ල සඳහා ආණ්ඩුව මෙකී කතාවම පැවසීමට ඉඩ ඇත.

Lahiru Umayangana :