Posted on 10.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
උතුරේ යුද හමුදා කදවුරු නිසා ඉඩම් අහිමි වූවන්ට එම ඉඩම් ලබාදිය යුතු බවද රාජපක්ෂ පාලනය යටතේ එසේ පවරාගත් ඉඩම්වලින් 80%ක්ම පවරාදුන් බවද පොදුජන පක්ෂයේ බැසිල් රාජපක්ෂ පවසයි.
යාපනයේ පුවත්පත් සමාජයේදී පොදුජන පක්ෂ රැස්වීමක් අවසානයේ මාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
රාජපක්ෂ ආණ්ඩුව විසින් බලහත්කාරී මිලිටරිකරන ක්‍රියාදාමයක් නිසා උථුරේ ජනතාවගේ නිවාස හා වගාකරන ඉඩම් අක්කර සිය ගණනක් ඔවුන් වෙතින් බලහත්කාරයෙන් පවරාගෙන තිබිණි. අධි ආරක්ෂක කලාප නිසා ඒවා නැවත ලබාදිය නොහැකි බවට රාජපක්ෂ පාලන සමයේ දුන් හේතුවයි.
නමුත් බැසිල් රාජපක්ෂ යාපනයට ගොස් පවසන්නේ තම සොයුරාගේ පාලනය යටතේ 80%ක් ඉඩම් ලබාදුන් බවත් 2015 ජනාධිපතිවරණයෙන් පරාද වූ නිසා ඉතිරි 20% ලබා දිය නොහැකි වූ බවකි.