ලංකාවෙන් නීති විරෝධී ලෙස ගෙන එන දැරියන් සෞදි අරාබියේ ලිංගික වහල් මෙහෙය සදහා යොදාගන්නා බව එරට රජ පවුලට සම්බන්ධ අමිරා බින් ඒඩන් බින් නයේෆ් පවසයි.
සෞදි බලධාරින් විසින් දූෂණ විරෝධී ප්‍රචාරයක් ඇතිව අත්අඩංගුවට ගත් අල් වලිද් බින් තලාල් කුමරුගේ හිටපු බිරිය වන අමිරා, ප්රං ශයේ සුප්රගකට Le Monde පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ලංකාව, බංග්ලාදේශය, පිලිපීනය, සෝමාලියාව, ජිබුටි, නයිජීරියාව, රුමේනියාව සහ බල්ගේරියාව වැනි රටවල දැරියන් මෙසේ ලිංගක වහල් ජාවාරමට යොදාගන්නා බව පවසා තිබේ. ඇය මේ බව පවසා ඇත්තේ පසුගියදා සෞදි අරාබියේ රජ කුමාරවරු අත්අඩංගුවට ගත් පසුව කරන විශේෂ හෙළිදරව්වකදීය. අන්යපයන්ට දූෂණ චෝදනා නගන සෞදි බලධාරින් පවා අධික දූෂිත පුද්ගලයන් බව ඇය පවසයි. මෙසේ ලංකාව ඇතුළු පීඩිත රටවලින් පැහැරගෙන යන දැරියන් රජපවුලේ පුද්ගලයන්ගේ අවශ්යයතා වෙනුවෙන් පාවිච්චි කරන බව ඇය පවසයි.
ජෙඩා නගරය මෙවැනි දූෂීතයන් විසින් වහල් වෙළෙදපොළක් බවට පත්කර ඇති බව පවසන අමිරා, පැහැරගෙනවිත් විකුණන දැරියන් මත්ද්රිව්යු භාවිතා කරන ලිංගිකාස්වාද විනෝද රාත්රී න්වලදී ඒ බාලවයස්කාර දැරියන් කෘර ලෙස අපයෝජනය කරනු ලබන බව පවසයි. මෑතකදී පැවැති එක්තරා කාම රාත්රිීයකට විවිධ රටවල තානාපති කාර්යාල නිලධාරින් පවා සහභාගි වූ බව ඇය හෙළිකරයි. දැරියන් මිලයට ගන්නා පුද්ගලයන්ට ඔවුන් පරිහරණයට පූර්න අයිතිය හිමවන වහල් ක්රවමයක් සෞදිය තුළ පවතින බවත් ඔවුන්ට තම කාමරවලින් පිටතට යාම තහනම් බවත් ඇය පෙන්වා දෙයි. සෞදි අරාබියේ ගෘහස්ත සේවිකා කටයුතුවලට පැමිණෙන කාන්තාවන්ටද මීට සමාන ඉරණමක් අත්වන බවද කාන්තාවන් පිළිබද පීඩාකාරී නීති ඇති වුවද කාන්තාවන් සූරාකෑම සම්බන්ධ නීති කිසිවක් ක්රිවයාත්මක නොවන බවද ඇය පෙන්වා දෙයි. ආසියානු හා වෙනත් පරිධියේ රටවල කාන්තාවන් සේම සුදු ජාතික කාන්තාවන්ද මෙසේ ලිංගික වහලියන් ලෙස සෞදියේදී හුවමාරුවන බවද ඇය පෙන්වා දෙයි.
සෞදි පොලිසියේ බලධාරින් මෙවැනි අපරාධකාරී කටයුතුවලදී නිහඩව ඉන්නේ තමන්ගේ රැකියාව හා ජිවිත ආරක්ෂා කරගත යුතු නිසා බව අමිරාගේ අදහසයි.