උතුරේ හමුදාව රැදී සිටීම ජනතාවගේ ඒදිනෙදා ජීවිතයට විශාල හිරිහැරයක් – අානන්ද සංගරී

යුද්ධය අවසන් කළ බවට නිවේදනය කර වසර 8කටත් වැඩි කාලයක් ගත වී ඇති කාලයක උතුරේ තවදුරටත් යුද හමුදාව විශාල සංඛ්‍යාවක් ඒ්කරාශිකර තැබීම දෙමළ වැසියන්ට සාමාන්‍ය ජීවිත ගතකිරීමට විශාල බාධාවක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පවසයි.

තෛපොංගල් සමය නිමිත්තෙන්  15 දා ආනන්ද සංගරීගේ යාපනයේ පිහිටි නිවසේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ. යුදහමුදාව මේ අාකාරයට උතුරේ රැඳී සිටීම නිසා  දෙමළ වැසියන්ට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි කර අැති බව පවසන ආනන්ද සංගරී සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් නැවත ඔවුන්ට ලබාදිය යුතු බවද කියා සිටියි. හමුදාව සාමාන්‍ය වැසියන්ගේ ඉඩම්වලින් ඉවත් කොට රජයේ ඉඩම්වල ඔවුන්ව කඳවුරු ගත කරණ බව රජය ප්‍රකාශ කළත් ඒයින් ජනතාවගේ ඒදිනෙදා කටයුතු නිදහසේ කරගෙන යාමට අැති මිලිටරි මැදිහත්විම අවසන් නොවන බව ඔහු පවසයි. උතුරු පළාතේ රජයේ ඉඩම් යනු උතුරේ ජනතාව අතර ඉදිරි කාලයේදී බෙදා දීමට ඇති ඉඩම් ප්‍රමාණයක් බැවින් අනාගතයේදී උතුරේ වැසියන්ට ඉඩම් අර්බුදයක් ඇතිවීමට මෙය විශාල හේතුවක් වන බවද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අවධාරණය කොට තිබේ. කිසිඳු හේතුවක් නොමැතිව තරුණ යුද සෙබලුන් විශාල පිරිසක් උතුරු ප්‍රදේශයේ රැඳී සිටීම නිසා විශේෂයෙන්ම කාන්තාවන්ගේ නිදහසට විශාල බාධාවක් බව පවසන ආනන්ද සංගරී මහතා ඔවුන්ට මේ තත්ත්වය මත නිතරම බියෙන් හා සැකයෙන් යුතුව ජීවත් වීමට සිදුව ඇතැයිද පවසා ඇත.

Chandana Sirimalwatte :