විශ්වාසභංගයේදී අගමැතිට විරුද්ධව ඡන්දය දුන් ශ්‍රීල.නි.ප. අැමතිවරු 16 දෙනා අැමති මණ්ඩල රැස්විමට නොපැමිණීම නිසා අැමති මණ්ඩලය ලෙස ගත් තීන්දු නීත්‍යනුකූලදැයි ගැටලුවක් මතුව අැත.
විශ්වාසභංගයට පක්ෂව අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දීමෙන් පසුව අගමැතිවරයා සහභාගිවන අැමති මණ්ඩල රැස්වීමට සහභාගි වීමේ ගැටලුව නිසා ඒ් සම්බන්ධව ශ්‍රීල.නි.ප. තීන්දුවක් ගත යුතු බවද ප්‍රකාශ විය. ඒ් නිසා අැමති මණ්ඩල රැස්වීමට ශ්‍රීල.නි.ප. අැමතිවරු සහභාගි නොවීම අැමති මණ්ඩල වර්ජනයක් බව අැතැම් පාර්ශ්ව පෙන්වා දෙන අතර ජනාධිපතිවරයාට දැනුම් දී රැස්වීමට සහභාගි නොවන නිසා ඒය වර්ජනයක් නොවන බවද තවත් පාර්ශ්වයක අදහසයි. කෙසේවෙතත් අාණ්ඩුව මුහුණ දෙන අර්බුදය තවදුරටත් ඉදිරියට වර්ධනය වන බවක් මෙයින් පෙනී යයි.