පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ් ඒ් පළාත්පාලන අායතනයට නියමිත කාන්තා නියෝජනය නම් නොකරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල සභික ධූර ගැසට් මගින් ප්‍රකාශයට පත්වීම ප්‍රමාද වනු අැති බව මැතිවරණ කොමිෂම පවසයි.
ඒම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (02) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම අදහස් ප්‍රකාශ කරන ලදී. පළාත් පාලන ඡන්ද විමසීමේ 25% ක කාන්තා නියෝජනය පිළිබදව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිෂමේදී පැවැත්වුණු අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිසමේ සාමාජිකයින්, කාන්තා හා සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් ඊට සහභාගි වූහ.
පළාත්පාලන මැතිවරණ පනත් සංශෝධනයෙන් පසුව කාන්තාවන්ට සිය අයිතිය හිමිකරදුන් බවට ඒම පනත සම්මත කිරීමට මැදිහත් වූ අාණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන නායකයන් පුරසාරම් පැවසූ අතර කාන්තා නියෝජනය 25% ලෙස සභා පිහිටුවීම ඒය ජනතාවාදී ඒකක් වීම සම්බන්ධ ප්‍රමුඛ ලක්ෂණයක් බවද කියන ලදී. මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ඒම තත්වය ව්‍යාජයක් බවද අැත්ත වශයෙන්ම සභාවකදී 25% කාන්තා නියෝජනයක් පවතින බවට වග බලා ගැනීම දුෂ්කර බව දැනගැනීමෙන් පසුව ඒම තත්වය නොසළකා සභා පිහිටුවීමටද පක්ෂ නායකයන් ඒ්කමතිකව තීන්දු කරණ ලදී. නමුත් මැතිවරණ කොමිෂම දැන් කියන්ෙන් නියෝජනය නිසි ලෙස නොපවතින්නේ නම් ඒවැනි සභා නිත්‍යනුකූල ෙනාවන බවකි.