Posted on 08.18.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2018 ජනවාරි මාසය තුළ පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරමින් පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔක්‌තෝබර් මාසයට පෙර පනත සම්මත කිරීමට සහ ජනවාරි මාසයේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි. මෙම සැලැස්ම මත සියලුම දිස්‌ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසම විසින් අද (18) කොළඹට කැඳවා තිබේ. ඒළඹෙන පළාත්පාලන මැතිවරණය පිළිබද පරිපාලන කටයුතු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර ධීවර හා ජලජ සම්පත් ඇමැති සහ මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහින්ද අමරවීර පුවත්පත්වලට පවසා අැත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් ඔක්‌තෝබර් හෝ නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන බවයි. ඒ සඳහා පළාත් පාලන පනත සැප්තැම්බර් මස වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ඉදිරි දෙසැම්බර් හෝ 2018 ජනවාරි මස අතර දිනයක් වනු ඇති බවත් තමා විශ්වාස කරන බවද අමරවීර ඇමැතිවරයා විශ්වාසය පල කර තිබේ.