ෆේස්බුක් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි.
මේ දිනවල ජපානයේ සංචාරයක නිරතවන ජනාධිපතිවරයා ඊයේ (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජපානයේ වෙසෙන ලාංකිකයින් හමුවූ අවස්ක්ථාවේදී මේ බව සඳහන් කළේය. ජංගම දුරකථන, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය තුළින් ලෝකයක දැනුම ගතහැකි වුව ද අවාසනාවකට ශී‍්‍ර ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත් භාවිතා කරන්නේ රට විනාශ කිරීමට බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එබැවින් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබේ. ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරනය කර ඇත.
ජනමාධ්‍ය වාරණය සමාජයක අදහස් ප්‍රකාශනයේ හා තොරතුරු දැනගැනීමේ අයිතියට කරන අවහිරයක් බව වර්තමානයේ පිලිගැනීමයි. එහෙත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන හේතු නිසා ජනමාධ්‍ය පාලනය කිරීමේ අවසරයක් රජයට නැත. රාජපක්ෂ පාලනය සමයේද මාධ්‍ය මර්දනය, මාධ්‍ය ආයතන ගිනිතැබීම හා මාධ්‍යෙව්දින් ඝාතනය සාධාරිනකකරණය වූයේ මෙවැනි හේතු දක්වමින් බව අමතක කළ නොහැකිය.