මන්නාරම් ඛණිජ ගවේශනවලින් ස්වභාවික වායු නිධි දෙකක් හමුවේ!

ලංකාවේ ඛනිජ සම්පත් ගවේශනයේ වැදගත් කලාපයක්වන ස්වභාවික ඉන්ධන කැණීමේ කටයුතුවලින් ස්වභාවික වායු නිධි පිළිබද වැදගත් කරුණු රුසක් අනාවරණය වී තිබේ.
මේ දක්වා මන්නාරම් ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේෂණයන් තුළ සිදුකළ කැණිම් වලදී ස්වභාවික වායු නිධි දෙකක් හදුනාගැනීමට හැකි වූ බව ඛනිජ තෙල් සම්පත් ලේකම් කාර්යාල වාර්තා අනාවරණය කරයි. මේ කැණීම්වලදී හදුනාගත් ස්වභාවික ඉන්ධන නිධි දෙක ඩොරාඩෝ සහ බැරකූඩා ලෙස නම්කර ඇත. ඩොරාඩෝ නමින් හඳුන්වා වායු නිධියේ ඝන අඩි බිලියන 350ක වායු ප්‍රමාණයක් හා බැරකූඩා නමින් හඳුන්වන නිධියේ වායු ගණ අඩි බිලියන 650ක ප්‍රමාණයක් තිබෙන බවට මෙතෙක් සිදුකර ඇති ගවේෂණ වලදී අනාවරණය වී ඇත. එසේම අමුතෙල් බැරල් බිලියන 5ක් පමණ එහි ඇතැයි මූලික ගවේශනයන්හිදී අනාවරණය විය.
එමෙන්ම මෙම ඉන්ධන ලබාගැනීමේ කටයුතු 2021 පමණවනවිට සිදුකරන්නට හැකිවනු ඇති බව ප‍්‍රකාශ වුවද ඒ සදහා ආයෝජකයන් කැදවා ගැනීම කළ යුතුව ඇත.
මෙම ස්වභාවික වායු සැලසුම් සහගතව හා ක්‍රමාණුකූලව මෙරට ආර්ථිකයට වාසිදායක ලෙස යොදවා ගන්නේද යන්න සැක සහිත බව විද්වතුන්ගේ කණස්සල්ලට හේතු වී ඇත. මේ දක්වා මෙරට ස්වභාවික සම්පත් විදේශ සමාගම්වල ලාභ උල්පත් ලෙස විකුණා දේශපාලකයන් හා නිලධාරින් ධනය උපයා ඇති බව බොහෝ නිදසුන් මගින් පෙන්වා දී ඇත. මන්නාරම් ස්වභාවික වායු නිධිවලින් ප‍්‍රතිළාභ ලැබෙන්නේ දේශපාලකයන්ට හා සමාගම්වලට පමණද? යන ප‍්‍රශ්නය දැන් අසන්නට සිදුව ඇත.

Chandana Sirimalwatte :