Posted on 07.06.2018 by Madanayaka in වීඩියෝ පුවත් with 0 Comments
හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවගේ නිවාස හා ඉඩම් පවරාගෙන තාක්ෂණ නගරයක් ඉදිකිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් විරෝධතාවක් සංවිධානය කළ ‘හෝමාගම ජන අයිතීන් සුරැකීමෙි ව්‍යාපාරය‘ විසින් එම විරෝධය ඇමතිවරයාට ලිඛිතව ලබාදීම සදහා බස්නාහිර සංවර්ධන සහ මහා නගර අමාත්‍යාංශයේ ලේකම් හමු වූ අවස්ථාෙවේ උනුසුම් තත්වයක් ඇති විය.
අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් විසින් එම විරෝධතා ලිපිය භාරගන්නවා වෙනුවට සාකච්ඡාවක් පවත්වා කරුනු ඉදිරිපත් කිරීමේදී ජනතාව විසින් මතු කළ ගැටලුවලට පිළිතුරු ලබාදීමට නොහැකි වූ අතර පරස්පර කරුණු ඉදිරිපත් කිරීම නිසා ජනතා නියෝජිතයෝ සාකච්ඡාව නිශ්ඵල බව පවසමින් පිටව ගියහ.
පහත ඇත්තේ එම සාකච්ඡාව අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශනයකි.
හෝමාගම ජන අයිතීන් සුරැකීමෙි ව්‍යාපාරය
තාක්ෂණ නගර ව්‍යාපෘතිය නමින් කෙරෙන ඉඩම් කොල්ලයට එරෙහිව අද(2018.07.05) හෝමාගම ජන අයිතීන් සුරැකීමෙි ව්‍යාපාරය විසින් බස්නාහිර සංවර්ධන සහ මහා නගර අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ පාගමන හා උද්ඝෝෂණයෙන් අනතුරැව අමාත්‍යංශ ලේකම් හමු වූ අවස්ථාව
Posted by හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය on Thursday, July 5, 2018