කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පනත විවාදයට ගැනිම සම්බන්ධව විරෝධය පළ කරමින් වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අද (21) දින පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක් පැවැත්වීය.
වෛද්‍ය සභාවේ නිර්දේශය අනුව කොතලාවල විශ්ව විද්‍යාල පනත නැවත සකස් කරන ලෙසත් ඒම නිර්දේශයන්ට පටහැනිව සකස් කරන ලද පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් වලකින ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. මෙම අවස්ථාවේ මාධය අැමතූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු දිඳුල අමරසිංහ ප්‍රකාශ කළේ මෙම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත කළ හොත් “එස් තුනෙන් බාල වෛද්‍යවරු” බිහිකරන තත්වයක් උදාවන බැවින් ඒම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සහාය නොදෙන ලෙස තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලකර සිටියි.