Posted on 08.02.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තහනම් දැල් ආම්පන්න යොදාගනිනමින් මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස ඉල්ලා අද (02) මුලතිව්හි ධීවර ජනතාව උද්ඝෝෂණයක නිරත වූහ.
මුලතිව් කෝකිලායි සිට චලෙයි දක්වා සිටින සියලුම ධීවරයන් අද උදෑසන මුලතිව් නගර මධ්‍යට පිවිස පළමුව විරෝධතාවක නිරතවී කියා සිටියේ මුලතිව් මුහුදේ සිදු කරන තහනම් ධීවර කටයුතු වහාම නවතන්නට බලධාරින් මැදිහත් වියයුතු බවයි.
එම විරෝධතාවට විසඳුමක් දෙන්නට පෙර සවන්දීමක් පවා දක්නට නොලැබීම හේතුවෙන් ධීවරයන් විරෝධතා පාගමනින් ගොස් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වූහ. දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලින් ධීවර කර්මාන්තය සදහා පැමිණ මහා පරිමාණයෙන් ධීවර කටයුතු කරන ව්‍යාපාරිකයන් සම්බන්දයෙන් මෙම විරෝධය වසර ගණනාවක සිට සිදුකරන බව ධීවරයෝ පෙන්වා දුන්හ. ඇතැමුන් මෙම ධීවර කොල්ලය සිදුකිරීම සදහා මුලතිව්හි සාමාන්‍ය ධීවරයන්ගේ දැල් ආම්පන්නවලට පවා හානි කර තිබිණි. එසේම මෙම තත්වය වැලැක්වීමට හඩ නගනවුන් ජාතිවාදින් ලෙසද හංවඩු ගසා ඇති බව ධීවරයෝ පවසති. කුමන ප‍්‍රදේශයක වුවද ජනතාවගේ එදිනෙදා ජීවනෝපාය වළක්වමින් මහා පරිමාණ ව්‍යාපාර ගෙනයනවුන්ට ඉඩ දෙන්නට ධීවර දෙපාර්තමේන්තුව මැදිහත් නොවිය යුතු බවද එම බලහත්කාරය වැළැක්වීම ආණ්ඩුවේ වගකීම බවද ඔවුහු කියා සිටියහ. ජාවාරම්කරුවන්ගේ අල්ලසට යටවී ධීවර ජනයා අසරණ කරන දූෂිත නිලධාරින්ට එරෙහිව ඔවුහු සටන් පාඨ හඩ නැගූහ.
නමුත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට කිසිදු නිලධාරියෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් උද්ඝෝෂණයෙහි නිරත වූ ධීවරයන් පළමුව සහකාර ධීවර පරික්ෂක කාර්යාලයේ වැට ගලවා දමා කාර්යාලයට ඇතුලු වී කාර්යාලයේ දේපලවලට හානි සිදු කොට ඇත. මෙහිදී තත්වය පාලනය කිරීමට මුලතිව් පොලීසියටද මැදිහත් වීමට සිදුවියග එම අවස්ථාවේදී ධීවරයන් හා රාජ්‍ය ධීවර පරික්සක කාර්යාල නිලධාරීන් අතර දැඩි උණුසුම් අවස්ථාවක් හටගත් අතර මුලතිව් පොලීසියේ මැදිහත් වීම මත තත්වය පාලනය කරන ලදි.