தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ තවත් මිනිස් ඝාතන හෙලි වේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ තවත් මිනිස් ඝාතන හෙලි වේ !



මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ තවදුරටත් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන අතර යුද හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ පිහිටි රහසිගත කදවුරකින් පැමිණි කණ්ඩායමක් එය සිදුකළ බවට සැක කළ හැකි කරුනු අනාවරණය වෙමින් තිබේ.

ට්‍රිපෝලි නමින් හදුන්වන මෙම කඳවුර පවත්වාගෙන ගොස් ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ ඝාතක කණ්ඩායම් සදහා මධ්‍යස්ථානයක් ලෙසින් බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. අනාවරණයවන ආකාරයට එවැනි කදවුරක සිට ඝාතන කණ්ඩායම් මෙහෙයවන්නේ ආරක්ෂක අංශයේ අනුදැනුම යටතේ මෙන්ම දේශපාලන අවශ්‍යතා මත බැවින් මෙම ඝාතනයට හමුදා බුද්ධි සේවයේ ඉහළ තලයක කටයුතු කළ අයෙකු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශ ඉහළ නිලධාරීයෙකුගේ මැදිහත්වීමක් තිබූ බවටද සාධාරණ සැකයක් ඔස්සේ මතුව ඇත. මේ වනවිට ලසන්ත ඝාතනය ගැන යුද හමුදා සාමාජිකයන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට ප්‍රථම දියණියට පැවසූ දෙයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලෙස ලබාගෙන ඇති බවද වාර්තා වේ. අනාවරණය කර ඇති ආකාරයට තමන් ඝාතනය විය හැකි බවද එසේ ඝාතනය වී නම් එයට හේතුව තමන් විසින් ආණ්ඩුවේ වංචා දූෂණ හෙළිදරව් කිරීම බවද එහිදී ලසන්ත වික්‍රමතුංග තම දියණියට පවසා ඇත. එසේම ලසන්ත ඝාතනය සිදුවූ දිනයේ ඝාතකයන් විසින් අත්හැර දමා ගිය බවට සැක කළ හැකි යතුරු පැදියක් සම්බන්ධ තොරතුරද ඝාතක කණ්ඩායමේ සැලසුමකට අනුව පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර දමා ගිය එකකි. විමර්ශකයන් නොමග යැවීමට සිදුකළ එකක් ලෙස තොරතුරු සොයාගෙන ඇති බව විමර්ශන මූලාශ්‍ර හෙළි කරයි. එම යතුරුපැදියද මිනිස් ඝාතන දෙකකට සම්බන්ධ බැවින් ලසන්ත ඝාතනයේදී තවත් සාපරාධී මිනිස් ඝාතන පිළිබද කරුනු අනාවරණය වීමට නියමිතය.

එමෙන්ම ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ලබා දුන් පළමු මරණ පරීක්ෂණය ව්‍යාජ එකක් බව ඒ සම්බන්ධයෙන් සිදු කළ දෙවන මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ. එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පළමු මරණ පරීක්ෂණය සිදු කර තිබූ අතර එහිදී හිසට වෙඩි තබා ඇතැයි තහවුරු කර තිබූ නමුත් පසුව සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුනේ මොට ආයුධයකින් කිහිපවරක් හිසට තදබල පහරදීමකින් ඇති වු බරපතළ තුවාලයක් හේතුවෙන් මාධ්‍යව්දියා මරණයට පත්ව ඇති බවය.