රාත්‍රියේ හලාවත මහා රෝහලට ප්‍රතිකාර ගැනීම සදහා පැමිණි රෝගියෙකු රෝහලෙන් ඉවතට තල්ලු කර පාරට ඇද දැමීමෙන් මියයාම සම්බන්ධයෙන් ආරක්ෂකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 09 වන දින හලාවත මහා රෝහලේ ආරක්ෂකයන් තිදෙනෙකු විසින් පළවා හැරි මේ රෝගියා ඊයේ(10 ) පෙරවරුවේ මාර්ගයේ වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් හලාවත මහා රෝහලට භාර දී ඇත. මේ පිලිබදව සාමාන්‍ය මරණ පරීක්ෂණයක් පවත්වා මෟත ශරීරය නිදහස් කිරීමට හලාවත හදිසි නාගරික මරණ පරීක්ෂකවරයා ගත් තිරණය හමුවේ පොලිසියේ මැදිහත්වීමකින් අධිකරණයට කරුණු වාර්තා කොට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හෙෂාන්ත ද මෙල් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත පොලිසියට නියෝග කරණ ලදී.
හලාවත ජුලියන් වත්තේ පදිංචිව සිටි ජූඩ් ෆ්‍රැන්සිස් යන අය හලාවත රෝහල ආසන්නයේ මරණයට පත්ව සිටි බවත් හලාවත මහා රෝහලේ ආරක්ෂකයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් හලාවත පොලිසියට සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරයි.