ආරක්ෂක අංශ ලැගුම්ගෙන සිටින උතුර නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිදහස් කරනු ! – මුලතිව් විරෝධතාවයක්

යුද සමයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් පවරාගෙන ඇති නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා ජාතික ධීවර සහයෝගීතා සංවිධානය සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ ඊයේ (26) මුලතිව් ප්‍රදේශයේදී විරෝධතාවයක නිරතවූහ.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට පැවති විරෝධතාවයට සමගාමීව සිවිල් ජනතාවගේ ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරා‍ ගැනීම හේතුවෙන් හටගෙන ඇති ගැටළු හා ෙපාදුවේ උතුරු නැගෙනහිර ධීවර ජනතාවගේ ගැටළු අැතුඵත් වාර්තාවක් එළි දැක්වීමද  මුලතිව් නගර ශාලාවේදී සිදුවිය. ෙමම වැඩසටහනට උතුරු පළාත් සභාවේ කාන්තා හා ළමා කටයුතු අැමති ආනන්දි සෂිදරන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, උතුරු නැගෙනහිර ධීවර සහයෝගීතා සංවිධානයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

කෙසේවුවද උතුරු පළාතේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස අතුරුදන්විම් හා  දේශපාලක සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්නයේදී දෙමළ ජාතික සන්ධානය ෙහා් ඔවුන් යටතේ අැති පළාත් සභාව කිසිවක් ඉටුකර නැති බවට විරෝධය පළ කරමින් පසුගියදා උතුරේ ජනයා විරෝධතාවක් සංවිධානය කරණ ලදී. ඒහිදී මහ අැමති විග්ෙන්ශ්වරන් හා දෙ.ජා.ස. නායක සම්බන්ධන්ෙග්  ෙස්යා රෑ ගිනි තැබූ බව වාර්තා විය.

Chandana Sirimalwatte :