පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කරමින් පසුගිය වසරේ නීති සම්මත කළද පක්ෂ නායකයන් ඒක්ව කළ සාකච්ඡාවකින් පසුව පැරනි ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ ඒකගතාවක් අැතිව තිබේ.
ඊයේ (6) පාර්ලිමේන්තුවේදී විශේෂ පක්ෂ නායක රැස්වීමකදී මෙම අදහස සාකච්ඡා කරමින් ඉදිරි 10 වැනිදා ඒ් සම්බන්ධ අවසන් නිගමනයකට ඒළඹෙන බවට පක්ෂ නායකයන් ඒකග වී අැත.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී අැතිව තිබෙන වියවුල් සහගත බව නිසාම පළාත් සබා මැතිවරණයද පැරණි ක්‍රමයට පැවැත්වීමට මෙවැනි දේශපාලන ඒකගතාවක් අැතිව තිබේ. ඒහෙත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරමින් පනත් සම්මත කරද්දී පක්ෂපාති අදහස් මිස ඒය වැරදි බව පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂ නායකයකු ප්‍රකාශ කළේ නැත. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය නාෙකරණ වාමාංශික පක්ෂ රැසක් මෙම මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු පෙන්වා දුන් අතර ඒ්වා කිසිදු අවධානයකට නොගෙනම මෙතක් බිහි කළ හොදම මැතිවරණ ක්‍රමය බවට සහතික දෙමින් පළාත්පාලන මැතිවරණ සංශෝධනයට ෙමම පක්ෂ නායකයෝ අත් ඔසවා ඒකග වූහ.
මේ වනවිට නියමිත පළාත්පාලන මැතිවරණය සදහාද නව මැතිවරණ ක්‍රමය යටතේ ඒක් දිනයක සියලු පළාත්සභා මැතිවරණ පැවැත්විය යුතුව අැත. ඒහෙත් ඒක් දිනයක සියලු පළාත් සභා මැතිවරණ පවත්වන කාරණය පමණක් නව ක්‍රමයෙන් ගෙන පැරණි මැතිවරණ ක්‍රමයට අත ඔසවන්නේ නව මැතිවරණ නීති සම්මත කළවුන්මය.