නොරොච්චෝල විදුලි බලාගාරයේ හිරිහැරවලට ඒරෙහි ප්‍රදේශයේ ජනයා වීදි බසිති!

ඊයේ(7) රාත්‍රියේ සිට කල්පිටිය අර්ධද්වීපයේ විදුලිය  බිඳ වැටීම සම්බන්ධයෙන් සහ කල්පිටිය අර්ධද්වීපයේ ජනතාව විදුලිබල මණ්ඩලයේ ප්‍රාණඇපකරුවන් බවට පත්කර ගැනීමට විරෝධය පාමින් නොරොච්චෝල ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට විශාල පිරිසක් අද උදෑසන සිට විරෝධතාවක ෙයදී සිටිති.

නොරොච්චෝල විදුලිබලාගාරයේ සේවක යන්ටද බලාගාරයට ඇතුල් වීමට ඉඩ නොලැබෙන අාකාරයට මාර්ගය අවහිර කරමින් මෙසේ විරෝධය ප්‍රකාශ කිරිම නිසා බලාගාරයේ දෛනික කටයුතු අඩාල වී ඇත. විදුලිය සැපයිම යථා තත්වයට පත් කරන්නට ඒසේ පැමිනෙන්නට නොහැකිව සිටින නිලධාරීන්ගේ සේවය අත්‍යාවශ්‍ය බවත්  ඇති වන ප්‍රමාදය  ජාතික වශයෙන් නොරොච්චෝල විදුලි නිෂ්පාදනයට බලපාන බව නොරොච්චෙචා්ල විදුලි බලාගාරයේ අාරංචි මාර්ග පවසයි. ෙම් අන්දමට විරෝධය පල කරන ස්ථානයට කල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණි අතර උද්ඝෝෂණකයන්  දහ දෙනෙකු හා විදුලිබල මණ්ඩල සේවකයන් අතර සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වුවද උද්ඝෝෂකයන් පවසා සිටියේ විදුලි බල මණ්ඩලය අත්තනෝමතික ලෙස විදුලිය කප්පාදු කරමින් කල්පිටියේ ධීවර සහ ගොවි ජනතාවට විදුලි බල මණ්ඩලයෙන් සිදුවන හිරිහැර නවත්වන බවට පොරොන්දුවක් ලබා දෙන තුරු උද්ඝෝෂණයේ නිරත වන බවයි.

Chandana Sirimalwatte :