සංවිධානාත්මක අපරාධ කල්ලි විනාශ කිරීම මේ අාණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බවත් ඒවැනි කල්ලි මේ රටේ ජනතාවට අැති විශාලම අනතුරක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඊයේ(22) ස්වර්ණාභරණ කොල්ලය අවස්ථාවේ වෙඩි වැදී මිය ගිය පොලිස් කොස්තාපල් (පසුව පොලිස් සැරයන් තනතුරට උසස් කර අැත) සුරංග ප්‍රදීප් වීරසිංහගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට අද(23) ඒම නිවසට ගිය අගමැතිවරයා ඉන්පසුව මාධ්‍යවේදින් හමුවේ මෙසේ ප්‍රකාශ කළේය. ඒම අපරාදකරුවන්ගේ තර්ජනය සම්බන්දයෙන් දැනට පොලිසිය ක්‍රියාකරගෙන යන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඒම කොල්ලකෑමට සහභාගි වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු අද පෙරවරුවේ සැගවූ බෑගයක් පෙන්වන්නට යද්දී පොලිසියට බෝම්බ ගසන්නට උත්සාහ කළ බවත් ඒහිදී පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරින් මරණයට පත් වූබවත් ප්‍රකාශයට පත් විය.