ජනාධිපතිවරයාටත් නවකවදය කරදරයක් වෙලා!

මේ වනවිට විශ්ව විද්‍යාලවල ම්ලේච්ඡත්වය පතුරවන නවකවධය වහාම තුරන් කිරීමට දැඩි දඩුවම් ක්‍රියාත්මක කිරීමට තමන් විසින් උපදෙස් දුන් බවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් දියුණු කරන්නට කටයුතු කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අද(7) පොළොන්නරුවේ වෘත්තිය පුහුණු ආයතනයක් ඉදිකිරීමට මුල්ගල තැබූ පසුව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

විශ්ව විද්‍යාලවල දේශපාලන කණ්ඩායම් විසින් සිසුන් බිලිගෙන ඇති බවද ඔවුන් විසින් ම්ලේච්ඡත්වය පැතිරවීමට ගන්නා උත්සාහය පරාජය කළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. උසස් අධ්‍යාපන ඇමතිවරයා පසුගිය දිනවල නවකවදය සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට අවලාද නගමින් කළ ප්‍රකාශ ජනාධිපතිවරයා ද අනුමත කරන බවක් මෙයින් පෙනී යයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට හා අධ්‍යාපනයට 6%ක් ප්‍රතිපාදන ලබා දෙන බවටද  බොරු පොරොන්දු දෙමින් පැමිණි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අයිතිවාසිකම් ඉල්ලා සිටින සියලු ජනතා බලවේග මර්දනයෙන් නිහඩ කරන්නට සූදානම් බව මෙයින් පෙනී යයි.

විශ්ව විද්‍යාල තුළ නවකවදය අහෝසි කරන්නට ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු සහ මව්පියන් පක්ෂපාතව සිටියදී ඔවුන්ගේ ඉල්ලීම් නොතකා නවක වදය පමණක් ඉදිරියට දමා අන් සියල්ල වසා දමන්නට ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරනු ඇත. අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ගොඩනැගිලි හෝ අවම පහුකම් නැතිව ශිෂ්‍ය විරෝධතා පැන නැගෙන විට ඒවා මර්දනය කරමින් අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදෙන පාලකයන්ට ශිෂ්‍ය දේශපාලනය මර්දනය සදහා නවකවදය වැනි ජනප්‍රිය සටන් පාඨ යොදාගෙන විශ්ව විද්‍යාල ප්‍රජාව වටහා ගත යුතු කරුණක්ව තිබේ.

Madanayaka :