දේවාශීර්වාද ගබාගන්නට නක්ෂත්‍ර උපදෙස් මත ඉන්දියාවේ ප්‍රකට දේවාලයක් වන තිරුපති කෝවිලට වන්දනා ගමනක් ගිය අගමැතිවරයා අද(3) අද දින එම වතාවත් සිදුකරන ලදී.
ඉන්පසුව මාධ්‍යෙව්දින් අමතමින් ඔහු පවසා ඇත්තේ ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර කඩිනමින් විසදුම් ලබා දෙන බවකි. එහෙත් ඉන්දිය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාවට පැමිණ විනාශකාරී ලෙස සමුද්‍ර සම්පත් කොල්ලකෑම සිදුකරන්නේ මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සිටමය. මේ දක්වා නිසි රාජ්‍ය මැදිහත්වීමකින් එම විනාශකාරී සාගර කොල්ලය පිළිබද කිසිවක් වත්මන් ආණ්ඩුව විසින් සිදුකර නැත.