தமிழ்
English
Contact
Wednesday 20th December 2017    
නව පනත ගෙන ඒන්නේ සහන දෙන්න නෙවෙයි, දේශීය අාදායම් පෞද්ගලිකකරණයටයි - පෙ.ස.ප. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නව පනත ගෙන ඒන්නේ සහන දෙන්න නෙවෙයි, දේශීය අාදායම් පෞද්ගලිකකරණයටයි – පෙ.ස.ප.



දේශීය අාදායම් පනත පනතින් වක්‍ර බදු අඩුවන බවට මුදල් අැමති මංගල සමරවීර කියන්නේ බොරුවක් බවත් පනත ගෙන එන්නේ බදු පරිපාලනය සහ ඒකතු කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම්වලට පැවරීමේ අරමුණින් ගෙන ඒන පනතක් බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය පවසයි.

ඊයේ කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ නව අාදායම් පනත සිකුරාදා(25) පාර්ලිමෙන්තුවට ගෙනැවිත් එදිනම සම්මත කිරීමෙ උත්සාහයක අාණ්ඩුව නිරත වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ණය මුදල් ලබාදීමේ කොන්දේසියක් ලෙස මෙම නීති සංශෝධනය අනිවාර්ය කර  බවයි. පෙ.ස.ප. අධ්‍යාපන ලෙකම්වරයා ඒම ජනමාධ්‍ය හමුවේදී අවධාරණය කළේ අැමති මංගල පවසන අාකාරය වක්‍ර බදු අඩු කිරීමට නම් ඒම බදු පැනවූ නීති සංශෝධනය කළ යුතුව තිබේ. එහෙත් ඒවැනි බදු පනත් සංශෝධනයක් නොකොට අැමතිවරයා බදු අඩු කිරීමක් ගැන බෙ‍ාරු ප්‍රකාශ නිකුත් කරන්නේ අාදායම් බදු පනතින් අැතිකරන බරපතළ ක්‍රියාදාමය වසංකිරීමට බවයි.

නව බදු පනතින් ජනතාව මත තවදුරටත් පීඩාවක් අැතිකරනු මිස කිසිදු බදු සහනයක් අැති නොවන බවද ඒහි වගන්ති අැසුරෙන් පැහැදිලි කරන පෙ.ස.ප. අධ්‍යාපන ලෙකම්වරයා ෙමම බදු පනත පරාජය කිරීමට සියලු ජනතා බලවේග ඒකරාශි වියයුතු බවද පෙන්වා දෙයි.

අලුතෙන් ගේන්න යන බදු පනතෙන් කම්කරුවගෙ වැටුපටත් ආදායම් බදු ගහනව…

අලුතෙන් ගේන්න යන බදු පනතෙන් කම්කරුවගෙ වැටුපටත් ආදායම් බදු ගහනවා – පුබුදු ජයගොඩඑළඹෙන 25 වෙනි සිකුරාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධ පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2017 අගෝස්තු 22 (අද) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව.මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළ අතර නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න සහෝදරියද මේ සඳහා සහභාගී විය.

Posted by Front Line Socialist Party on Tuesday, August 22, 2017