தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
පළාත්පාලන මැතිවරණයේදි ජනතාවට කවුරුවත් ගැන විශ්වාස කරන්න බෑ 'නොරැවටෙමු-නැගී සිටිමු!' - පෙ.ස.ප | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන මැතිවරණයේදි ජනතාවට කවුරුවත් ගැන විශ්වාස කරන්න බෑ ‘නොරැවටෙමු-නැගී සිටිමු!’ – පෙ.ස.ප



පළාත්පාලන මැතිවරණයේදී ජනතාවට විශ්වාසයෙන් යුතුව ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් නොමැති බැවින් කිසිවකුට ඡන්දය ප්‍රකාශ නොකරන  ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නට ‘නොරැවටෙමු, නෑගී සිටිමු!” යන තේමාවෙන් තම පක්ෂය විසින් මැතිවරණ වැඩපිළිවෙළක් දියත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් මේ බව සදහන් කළේ පළාත්පාලන මැතිවරණය හමුවේ පක්ෂයේ ක්‍රියාකාරිත්වය පිළිබද දැනුවත් කිරීමට අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා දැක්වූ අදහස්වලට සවන් දෙන්න මෙතැනින්Pubudu FLSP Media Conference 2017 12 11_01

“වසර තුනක ප්‍රමාදයකට පසුව සහ මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලියකින් පසුව පළාත්පාලන මැතිවරණය කැදවනු ලැබ තිබෙනවා. මෙම මැතිවරණයට අදාල ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් යටතේ මෙම මැතිවරණය සම්බන්ධ දේශපාලන ක්‍රියාදාමයේදි දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපට අදාළ සමාජ වගකීම පැත්තෙන් සළකා බලමින් අපි මෙවර මැතිවරණයට නාමයෝජනා භාර නොදීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අප තීරණය කළා. නාමයෝජනා නොදෙන අතර මැතිවරණ ව්‍යාපාරයේ සක්‍රිය දේශපාලන ක්‍රියාදාමයකට සැලසුම් කරමින් සම්බන්ධ වෙන්නට තීරණය කළා.

පොදුවේ මැතිවරණ සම්බන්ධයෙන් වාමාංශිකයන්ට හා මාක්ස්වාදීන්ට ඇති මැනීමක් තිබෙනවා සහ අපට පක්ෂයක් ලෙස අදහසක් තිබෙනවා. සාමාන්‍ය දේශපාලන ව්‍යවහාරයේදී පොත්පත්වලදි මැතිවරණ ගැන කියැවෙන්නෙ පවතින ජනමතයක් පරික්ෂා කරන අවස්ථාවක් ලෙසයි. නමුත් එහෙම ස්වභාවික ජනමත කියලා ජාතියක් නෑ. මුදල් බලය, මාධය බලය සහ රාජ්‍ය බලය යොදාගනිමින් විවිධ ක්‍රම මගින් ජනමත සකස් කරනවා. මැතිවරණයකදී නම් වඩා විධිමත්ව ජනමාධ්‍ය වැනි උපකරණ භාවිත කරමින් ජනමතය හැඩගස්වනු ලබනවා. මැතිවරණයකදි ප්‍රකාශයට පත් වෙන්නෙ අර සියලු මැදිහත්වීම්වලින් වාත්තුකරවන ලද ජනමතයක් බවයි අපට දකින්න ලැබෙන්නෙ. නමුත් මැතිවරණ සම්බන්ධ එවැනි තත්වයක් යටතේ වුවද අපට අවස්ථාවන් භාවිත කරන්න ඕන කියන අදහස අපට තියෙනවා.  දේශපාලන වශයෙන් මැතිවරණය තුළ ඇති වැදගත්කම සළකමින් මින් පෙරත් අප ක්‍රියාත්මක වී තිබෙනවා.  2015 ජනාධිපතිවරණයේදි අපි දුමින්ද නාගමුව සහෝදරයා ඉදිරිපත් කරමින් එම මැතිවරණය තුල අපේ දේශපාලන මතය ප්‍රකාශයට පත් කළා. ඒ වගේම 2015 අගොස්තු මහ මැතිවරනයෙදිත් අපි අපේක්ෂකයන් ඉදිරිපත් කරමින් ඒ මොහොතේ දේශපාලන තත්වය සම්බන්ධ අපේ අදහස් සමාජයට ඉදිරිපත් කළා.

මේ නිශ්චිත පලාත්පාලන මැතිවරණය කලින් තිබුණට වඩා ගොඩාක් ප්‍රජාතන්ත්‍රවාදී එකක් කියලා තමයි ඝෝෂා කළේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හැමෝම අත ඉස්සුවා මේක හැම දෙනාම එකතුවෙලා හදපු ඉතාම නිවැරදි මැතිවරණ ක්‍රමයක් බව කිව්වා. නමුත් මේ මැතිවරන ක්‍රමයෙදි ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ඇති ගැටලු කිසිම එකක් විසදලා නෑ. ඒ වෙනුවට පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා වැනි වැඩක් කරලා. විශාල මුදල් බලයක් නැතිව මැතිවරනවලට ඉදිරිපත් වෙන්න බැරි ක්‍රමයක් තියෙන නිසා නව මැතිවරන සංහෝධනයෙදි ඊට පිළියමක් දෙනවා කිව්වා. නමුත් එවැනි විසදුමක් නෑ. පවතින මැතිවරණ ක්‍රමයෙදි රාජ්‍ය බලය යොදාගන්නවා, විවිධ අක්‍රමිකතා වෙනවා, දූෂිත තත්වයන් ඇති වෙන නිසා විකල්ප සොයනවා කිව්වා, එහෙම දේකුත් වෙලා නෑ. පවතින ක්‍රමයේ මැතිවරණ ප්‍රචන්ඩත්වය වැලැක්ළුිමට ක්‍රමයකුත් නෑ. ගමට නියෝජනයක් දෙන්න පැරනි ගම්සභා වැනි ක්‍රමයක් දෙනවා කිව්වා එවැනි ක්‍රමයක් නෙවෙයි දැන් ගෙනත් තියෙන්නෙ.

දැනට වෙලා තියෙන්නෙ සභික සංඛ්‍යාව දල වශයෙන් දෙගුණ වෙලා.  සමානුපාතික ලැයිස්තුවකුත් එන නිසා අපේක්ෂක සංඛ්‍යාව වැඩි වෙලා. පොදුවේ රටටම අපේක්ෂකයන් ඉදිරිපත් කරන්න සූදානම්වන පක්ෂයකට විශාල අපේක්ෂක පිරිසක් නම් කරන්න සිදු වෙනවා. දැන් කොළඹ මහ නගර සභාවට නම් සියයකට වැඩි අපේක්ෂක ලැයිස්තුවක් අවශ්‍යයි. දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ සාමාජික අරමුනු මේ මොකුත් නැතිව ඕනැ කෙනෙක් අහුලාගෙන අපේක්ෂක ලැයිස්තු දාන පක්ෂයකට නම් මේ ක්‍රමය ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගෙ අපේක්ෂකයන්ගෙ දේශපාලනය ගැන සෑහීමකට පත් වෙන, ඒ අපේක්ෂකයා ජනතා නියෝජිතයකු බවට පත්කිරීමෙදි වගකියන්න ඕන කියලා හිතන එහෙම ප්‍රමිතියක් හා වගකීමක් ගැන හිතන පක්ෂයකට මේ වගේ විශාල අපේක්ෂක ලැයිස්තුවක් සකස් කරන්න බෑ. හැම ප්‍රාදේශීය සභාවකටම පනහක විතර අපේක්ෂක ලැයිස්තුවක් ඕන වෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂවලට මේවා ප්‍රශ්න නෙවෙයි. වියදම් කරන්න සල්ලි තියෙන අයට ලැයිස්තුවෙන් තරග කරන්න දෙනවා. නමුත් වාමාංශික දේශපාලනය කරන වගකීමකින් ජනතා නියෝජිතයන් පත්කරන පක්ෂවලට මේක විශාල ප්‍රශ්නයක්.

දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ සැරේ නිර්භීත පියවරක් අරගෙන පත්තරේ දැන්වීම් දාලා තමන්ගෙ පක්ෂයෙන් නාමයෝජනා දෙන්න කැමති අය ඉදිරිපත් වෙන්න කියලා. ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්තිවලට එකග නැති ඒව දන්නෙවත් නැති මේ ඊයෙ වෙනකම්ම වෙන පක්ෂයක හිටපු නමුත් ඒකෙන් නාමයෝජනා නොලැබුණු අයවත් තමන්ගෙ නාමයෝජනා ලැයිස්තුවට දාන්න බය නැති එක එක විදියකින් නිර්භිතකමක්. අපට සතුටුයි ඒ නිර්භිතකම ගැන නමුත් අපිට ඒ නිර්භිතකම නෑ. අපි නාමයෝජනා දෙනවා නම් අපි නම්කරන හැම අපේක්ෂකයකු ගැනම පක්ෂයක් ලෙස වගකිවයුුතුයි. අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ අපේක ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඒකට ජනතාවගේ කැමැත්ත අරගෙන දේශපාලනය කරන්න නම්  මතවාදයක්අ සමාජය තුළ ජයග්‍රහණය කරවන්න නම් අපේ අපේක්ෂකත්වය දෙන්නෙ ඒ මතය නිවාරදිව ඉදිරිපත් කළ හැකි ඒ වෙනුවෙන් පෙනී ඉන්න අපේක්කෂයන් විය යුතු බව අප කල්පනා කරනවා.

මේ වතාවෙ තවත් වෙනසක් තියෙනවා, වෙනත් අවස්ථාවල අපේක්ෂකයන්ට ඇප මුදල් තැන්පත් කිරිමෙදි දේශපාලන පක්ෂයකට ඇප මුදල් අවශ්‍ය වුනේ නෑ. මේ වතාවෙදි දේශපාලන පක්ෂයක අපේක්ෂකයකුටත් රුපියල් 1500ක් බැින් ඇප මුදල් තැන්පත් කරන්න වෙනවා, සමානුපාතික ලැයිස්තුවටත් ඇප මුදල් ගෙවන්න වෙනවා. මේක රටපුරාම පළාත් පාලන අපේක්කෂයන් ඉදිරිපත් කරද්දි විශාල මුදලක්. සාමාන්‍යයෙන් කෝටියකට වැඩි මුදලක්, ලක්ෂ 140ක් පමණ ඇප තැන්පත් කරන්න වෙනවා. ඇත්තටම අප වැනි දේශපාලන ව්‍යාපාරවලට එවැනි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්ථා අහුරලා තියෙන්නෙ. දැන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය පළාත්පාලන මැතිවරණයට එන්නෙ නැද්ද කියන ප්‍රශ්නය සමහරු අහනවා. ඒකට වඩා වැදගත් ප්‍රශ්න වෙන්නෙ දැන් මේ පළාත්පාලන මැතිවරණයට පමණක් නෙවෙයි සාමාන්‍යයනේ මැතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයෙදි ලක්ෂ 800-1000ක් වැය කරනවා. ඒවා ලැබෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු හොයාගන් එක සමාජයට වැදගත් වෙනවා. මේ සැරේ ඇප මුදල් තැන්පත් කළාම මැතිවරණ ව්‍යාපායට මුදල් ඉතිරිවෙන්නෙ නැති තරම් විශාල වියදමක් යනවා.

දැන් සමාජවාදය සම්බන්ධ ගන්න විවේචනයක් තමයි ඔයගොල්ල බහු පක්ෂ ක්‍රමය පිළිගන්නෙ නෑ නේද කියන එක. අපි අහන්නෙ දැන් මේ අලුත් කියලා ගේන ඡන්ද ක්‍රමයෙදි බහු පක්ෂ ක්‍රමයද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මේකද? ගමක ප්‍රජා නායකයකුට මැතිවරණයට එන්න වඅස්ථාව දෙන්න ඒන කියපු අය දැන් හදලා තියෙන්නෙ එහෙම ක්‍රමයක්ද? ස්වාධීන කණ්ඩායම්වලට නම් ඉල්ලන්න අමාරුයි, එක් අපේක්ෂකයකුටරුපියල් 5000ක් ඇප මුදල් අවශ්‍යයි. පුංචි ප්‍රාදේශීය සභාවකටත් ලක්ෂයක් එකහමාරක් යනවා නාමයෝජනා දෙන්න ඇප තැන්පත් කරන්න. මේකද දෙනවා කිව්ව නියෝජන ක්‍රමය කියලා අපි අහන්නෙ. පාර්ලිමේන්තුවෙදි පරණ ක්‍රමයට වඩා මේක මාර සෝක් කියලා අත උස්සපු අයගෙන් අහන්න ඕන මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ කියලා.

අපි මේ තත්වය තුළ ජනතාවගෙන් ඉල්ලන්නෙ මේ මැතිවරනය තුළ ගෙන එන දේශපාලන ක්‍රියවලියට රැවටෙන්න එපා නැගී සිටින්න කියලා. ඒ අදහස අරගෙන ‘නොරැවටෙමු නැගී සිටිමු‘ කියන තේමා පාඨයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ මැතිවරණයෙදි අපේ දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන එනවා. අපි වෙනත් මැතිවරණයකදි තරග කරන බරින්ම ඒ ප්‍රචාරක ක්‍රියාවලියම උපරිම වෙර යොදා ක්‍රියාවට නංවනවා.  ජනතාව අතර පත්‍රිකා මගින් ජනහමු පුචාරක රැළි කියන හැම ආකෘතියකින්ම ජනතාවට අපේ අදහස ගෙන යන්න කටයුතු කරනවා. අපි ජනතාවගෙන් ඉල්ල ාසිටිනවා ඒ අදහස වර්ධනය කරන්න අප සමග එකතු වෙන්න කියලා.”