මෛත්‍රී පාර්ශ්වය තීරණයක් ගන්න කලින් රනිල් මෛත්‍රී හමුවෙන්න ඇවිත්!

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධ තීරණයක් ගැනීමට පෙර අගමැතිවරයා හා ජනාධිපතිවරයා සාකච්ඡාවක් ආරම්භ කර ඇත.
අද දින මෛත්‍රී පාර්ශ්වයේ මැති ඇමතිවරු කණ්ඩායම ජනාධිපති නිල නිවසේදී ආරම්භ කිරීමට නියමිත සාකච්ඡාවේදී විශ්වාසභංගය සම්බන්ධ වැදගත් තීරණ ගනු ඇතැයි අපේක්ෂා පළ විය. කෙසේවෙතත් අද සවස අගමැතිවරයා සමග එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට පැමිණි අතර ඉන්පසුව අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර දැන් පැවැත්වෙන සාකච්ඡාව ආරම්භ වී ඇත. රාත්‍රිෙය් ඔ්‍රී ල.නි.ප. මැති ඇමතිවරු හමුවී විශ්වාසභංගය සම්බන්ධව කළ යුතු කුමකුද යන්න තීරණය කරනුනට නියමිතය.

Chandana Sirimalwatte :