Posted on 01.31.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ අායතනයෙන් අල්ලස් ගත් බවට නම කියැෙවන රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි ‘තිලක් මාරපන කමිටුව’ නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.
මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනු සිද්ධිය සම්බණ්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කර එක්සත් ජාතික පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තිලක් මාරපන කමිටුව පත්කරණ ලදී. ඒ් අනුව ඒම කමිටුව සිය වාර්තාව මගින් එජාප මධ්‍යම කාරක සභාවට යොමුකරමින් නිර්දේශ කර අැත්ෙත් රවි කරුනානායක උප සභාපති දූරයේ කටයුතු නොකළ යුතු බවයි. කෙසේෙවතත් බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව විමර්ශන වාර්තාවෙන් කිසිදු ඒක්සත් ජාතික පාක්ෂිකයකු වෙත චෝදනා ඒල්ල වී නැති බවද ඒම කමිටුව පවසා අැත.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනගේ සභහපතිත්වයෙන් සහ වෘත්තීයවේදීන් , පරිපාලන නිලධාරීන් හා නීතිඥයන් ඇතුලු නියෝජිතයින් පිරිසකගෙන් සමන්විත යුත් එම කමිටුව තම වාර්තාව ඉකුත්දා එජාප නායක අග්මැති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබිණ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙව් අදහස් දක්වන අැතැමුන් පවසන්නේ බැදුම්කර ගනුදෙනුවේ සැබෑ වරදකරුවන් අාරක්ෂා කිරීමට ඒම වංචාවේ සැලසුම්කරුවන් විසින් සැලසුම් කරමින් රවි කරුණානායක බිලි දී අැති බවය.