සරසවි වනසන පරිපාලන නිලධාරීන්ට එරෙහිව ආචාර්යවරු වීදි බසී

බාහිර සහ පස්චාත් උපාධි පාඨමලා මුදලට විකුණමින් ඒ හරහා ලැබෙන මුදල් පරිපාලන නිලධාරීන් පිරිසක් අතර බෙදා ගනිමින් සරසවි තුල ඉහළ වරප්‍රසාධිත පාලක පංතියක් නිර්මාණය කිරීමට එරෙහිව රුහුණ සරසවි ආචාර්යවරුන් විසින් අද(27) දින නිහඬ විරෝධතාවයක නියැළුණි.

රුහුණ සරසවි මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සහ කළමනාකරණ හා මූල්‍ය පීඨ ආචාර්ය සංගමය විසින් එම සරසවියේ මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පරිශය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

අධ්‍යාපනය විකීනීම වෙනුවෙන් නිකුත් කර තිබෙන චක්‍ර ලේඛ යොදාගනිමින් පාඨමාලා ගාස්තු අත්තොනෝමතික ලෙස ඉහළ නංවමින් අදාළ ගාස්තු තුලින් ලැබෙන මුදල් උපකුලපතිවරයා ඇතුළු ඉහළ පරිපාලක නිලධාරීන් විසින් නිර්ලජ්ජිත ලෙස දීමනා අයුරින් බෙදා ගැනීමට කටයුතු කරන බවත් අදාළ අත්තනෝමතික ක්‍රියාවලිය හරහා සරසවිය තුල නව වරප්‍රසධිත පරිපාලක පංතියක් නිර්මාණය කරමින් තිබෙන බවත් විරෝධතාකරුවන් චෝදනා කර සිටී.

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කටයුතු කරමින් සිටින ආණ්ඩු සිය වැය බරින් ඉවත් වෙමින් නිදහස් අධ්‍යාපන අයිතිය සිය ස්වභාවික මරණය වෙත ගෙන යෑම සඳහා යොදා ගෙන තිබෙන උපක්‍රම වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවේ නිළ ඒජන්තවරුන් සරසවි තුළ අදාළ ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් කටයුතු කරමින් තිබෙන අතර මෙම ක්‍රියාවලීන්ට එරෙහිව පුළුල් පදනමක් සහිත ආචාර්ය, සිසු සහ සේවක බලවේගයක් නිර්මාණය කල යුතුව ඇත.

Lahiru Umayangana :