සයිටම් අර්බුදය සදහා ශිෂ්‍ය-මව්පිය එකගත්වයෙන් යෝජනා කළ විසදුම් වෙනුවට ආණ්ඩුවේ අරමුණු අනුව විසදුමක් යැයි කියමින් එම ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් කොතලාවල ආරක්ෂක පීඨයට යොමුකළද ඔවුන්ට හිමිවන උපාධි සහතිකයේ සයිටම් ආයතනයේ සිසුන් බව සදහන් කිරීමට තීරණය කර ඇත.
තම දරුවන් වසා දැමූ අධ්‍යාපන ආයතනයක සහතිකලාභින් ලෙස සදහන් කිරීම ඔවුන් බරපතළ ලෙස අසාධාරණයකට ලක්කිරීමක් බව සයිටම් ශිෂ්‍යෙයා් සහ මව්ව්පියෝ චෝදනා කරති. වෛද්‍ය උපාධිය ලබාදීම අරමුණු කරගෙන රජයේ පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස වංචනිකව මව්පියන් නොමග යවමින් ලක්ෂ 92 සිට 120ක් දක්වා මුදල් අයකරගෙන නෙවිල් ප්‍රනාන්දු සිදුකළ අපරාධයට කිසිදු දඩුවමක් නොකර සිසු සිසුවියන් මෙසේ වරින්වර එක් එක් ආයතනවලට අනියුක්ත කරන්නට ආණ්ඩුව විසදුම් ලෙස අවස්ථා තුනකදී ඔවුන් රවටන ලදී. ජනාධිපතිවරයා විසින් හදිසියේ කැදවන ලද කමිටුවකින් ඔවුන් කොතලාවල පීඨයට යොමුකරන බව කීවද ඉන් පෙරාතුව ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය දැනුවත්ව මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයට ඔවුන් යොමුකරන බවද ප්‍රකාශයට පත් විය.
මේ ආකාරයට වසර 10ක් තිස්සේ සයිටම් ශිෂ්‍ය ශිෂයාවන් විවිධ ආකාරයෙන් නොමග යවන ලද අතර ශිෂ්‍ය ව්‍යාපාරය අරගල කළේ දිගින් දිගටම වංචනික ලෙස මුදල් අයකරමින් හොර උපාධි ආයතනයක් පවත්වාගෙන යාමට එරෙහිවය. අ ාරම්භයේදී සයිටම් ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම ඔවුන්ගේ මව්පියන්ද ශිෂ්‍ය ව්‍යාපාරය දෙස ද්වේශසහත ලෙස ප්‍රතිචාර දැක්වූයේ තම දරුවන්ගේ අධයාපනයට ඔවුන් ඊර්ෂ්‍යා කරන බවක් පවසමිනි. එහෙත් දැන් ඔවුන් සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනානන්දුගේ වංචාවට හුසවී ඉන් පසුව ආණ්ඩුවේ එදා වේල විසදුම්වල වංචනිකභාවයටද ගොදුරු වී ඇත. ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සයිටම් විරෝධී ව්‍යපාරය දිගින් දිගටම සිටි ස්ථාවරය වූයේ අධයාපනය වෙලෙද භාණ්ඩකරණය නවතා දමා සුදුසුකම් සහිත සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදුවූ අසාධාරණය විසදන්නට රජයේ වෛද්‍ය පීටයක වෛද්‍ය අධ්‍යාපනයට අවස්ථා ලබා දිය යුතු බවය.