කරදියනාරු ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කලපුවට පැන පළායාමට තැත් කළ 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙසේ කලපුවට පැනගිය තවත් තරුණයන් පසුව දිවි බේරාගත් නමුත් ඔවුන්ට ගිලෙමින් සිටි තරුණයා බේරාගැනීමට විශේෂ කාර්ය බලකාය අවස්ථාවක් නොදුන් බවට එක්තරා තරුනයකු ජනමාධය වෙත ප්‍රකාශයක් කර තිබේ. කළපුවට පැන පළායාමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් බේරාගෙන චෙන්කල්අඩි රෝහලට ඇතුළත් කරනු ලැබුවා. චෙන්කල්අඩි – බදුල්ල මාර්ගයේ වැලි ජාවාරම් සිදුකරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත අද මෙම වැටලීම සිදුකර ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගුවනට වෙඩි තබා ඇති අතර එහිදී එක් සැකකරුවෙකු මුන්දන් කුමාරවැලි කලපුවට පැන ඇති බවයි වාර්තාවන්නේ.
මෙම මෙහෙයුමට පැමිණි විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් ජනතාව විසින් රදවාගෙන සිටි බවත් පොලිසිය පැමිණ පිරිස විසුරුවා හැර එම සෙබලා නිදහස් කරග් බවද පොලිසිය පවසයි.