2017 සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලියේ සමස්ත බාලක ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල විසින් ද සමස්ත බාලිකා ශූරතාව වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල විසින් දිනාගන්නා ලදී.
දෙවන වරටත් සාර්ථකව පවත්වන ලද සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලිය සැප්තැම්බර් මස 8 සිට 10 දිනවල යාපනය ‘ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා’ ක්‍රිඩාංගනයේ පැවත්විණි. මෙවැනි තරගාවලියක් යාපනයේදී සංවිධානය කෙරුණු පළමු වතාවද මෙය වේ. මේ දිනවල යාපනයේ පවතින වර්ෂා තත්වය නිසා ධාවන තරගාවලියේ අවසන් භාගය වනවිට දොරේඅප්පා පිටියේ ධාවන පථය මඩවගුරක් වීමෙන් ධාවන මංතීරු වෙනස් කිරීමට සිදුවිය. දිවයින පුරා පාසල් ගණනාවක් පාසල් 302ක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4,000 ක් පමණ සහාය දිවීමේ ඉසව් 38 කට සහභාගි වෙමින් සිය දක්ෂතා උරගා බැලූහ. එහෙත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කාලගුනික ගැටලු හේතුවෙන් පාසල් පනහකට ආසන්න ගණනක ක්‍රීඩක ක්‍රීඩිකාවන් යාපනයේ තරගාවලියට සහභාගි නොවූහ.
මෙවර ජයග්‍රාහකයන් අතර විශේෂත්වය වූයේ පළමු වතාවට හඳුන්වා දුන් මිශ්‍ර සහාය දිවීමේ සමස්ත ශූරතාව ද වලල විදුහල විසින් දිනාගැනීමයි. දීර්ඝකාලයක් තිස්සේ පාසල් මලල ක්‍රීඩා පිටියේ අද්විතීය දස්කම් දක්වා ඇති වලල ඒ. රත්නායක විදුහල වසර 27ක ඉතිහාසයක් ඇති මෙම තරගාවලිය පුරා බාලිකා සමස්ත ශූරතාව දිනාගැනීමට සමත්ව සිටියි. සමස්ත බාලක ශූරතාව ලද බෙනඩික්ට් විදුහල එහිදී වයස 18න් පහළ බාලක ශූරතාව දිනා ගත්තේය. වලල ඒ රත්නායක මැදි විදුහල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත බාලිකා ශූරතාව දිනා ගැනීමේදී ඔවුන්ගේ අනුශූරතා එකතුව දෙකකි.
වයස 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ පරිදි වයස් කාණ්ඩ පහකින් සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලියේදී නාවල ජනාධිපති බාලිකා විදුහල හා පන්නිපිටිය ධර්මපාල විදුහල ආදී පාසල් කීපයක් ඉසව් කීපයක් ජය ලබා දස්කම් පෙන්වන ලදී.
වයස 18න් පහළ හා 20න් පහළ මීටර් 1500 බාලක හා බාලිකා, වයස 16න් පහළ මීටර 800 බාලක හා බාලිකා යන ඉසව් කීපයක් මෙවර තරගාවලියෙන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය පළවී තිබේ. තරගාවලිය සංවිධානය කෙරුනේ අධ්‍යාපන අමාත්‍යංශය හා පාසල් මලල ක්‍රීඩා සංගමය ඒකාබද්ධවය.
පාසල් සහාය දිවීමේ සමස්ත ලංකා ධාවන තරගාවලියේ තරග ප්‍රතිඵල
| ඉසව්ව | ස්ථානය | ලකුණු | පාසල |
| බාලක | ශූරතාව | 83 | කොටහේන ශාන්ත බෙනඩික්ට් |
| අනුශූරතාව | 71 | මීගමුව මාරිස්ටෙලා | |
| තෙවැනි ස්ථානය | 60 | වලල ඒ රත්නායක | |
| බාලිකා | ශූරතාව | 112 | වලල ඒ රත්නායක |
| අනුශූරතාව | 66 | කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල | |
| තෙවැනි ස්ථානය | 42 | රත්නපුරය සුමන | |
| මිශ්‍ර | ශූරතාව | 172 | වලල ඒ රත්නායක |
| අනුශූරතාව | 79 | කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල | |
| තෙවැනි ස්ථානය | 64 | පන්නිපිටිය ධර්මපාල |
වලල, ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල් කණ්ඩායම
කොටහේන, ශාන්ත බෙනඩික්ට් විදුහල් කණ්ඩායම
Save
Save
Save
Save
Save
Save
Save
Save
Save