පසුගිය 22 දා නල්ලූර්හිදී යාපනය මහාධිකරණ විනිසුරුවරයාට වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරු අද (25) පෙරවරු 07.00ට පමණ යාපනය පොලිසියට භාර විය.
ඔහු 39 හැවිරිදි සෙල්වරාජා ජෙයන්තන් නමැති නල්ලූර් ප්‍රදේශයේ උපත ලැබූ රැකියා විරහිතයෙකි. 1996 වසරේ පමණ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ගිනි අවි භාවිතය ඇතුළු යුද පුහුණුවක් ද ලබා ඇති ඔහු සිව්දරු පියෙකි. පුනරුත්ථාපනය වූ පසුද ඔහුගේ කලහකාරී සහ දාමරික ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇත. එනිසාම 2012 වසරේ තිරිප්පලේ ප්‍රදේශයේ දී මිනිස් ඝාතනයකටද සම්බන්ධ බවට චෝදනා ලැබූ ජයන්තන් මේ වන විට අධිකරණයෙන් ඇප මත නිදහස් වී සිටින්නෙකි. සිද්ධිය වූ දින ඔහු තම වැඩිමල් සොයුරා සහ ඥාති සොයුරෙකු සමඟ බීමත්ව නල්ලූර් කෝවිල ඉදිරිපිට ත්‍රිරෝද රථගාලට පැමිණ එහි සිටින සෙසු රියදුරන් හා ගැටුමක් ඇතිකරගෙන ඇත. මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්ගේ රථයට බාධා පැමිණියේ එම සිදුවීම නිසාය. එහිදී එහි ළගා වූ සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර සමඟ පොරබැදීමක යෙදී රාජකාරි පිස්තෝලය උදුරාගත් ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තබා ඇත. පසුව එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කාන්තාවක සතු කුඩා යතුරු පැදියක් උදුරාගෙන ඔහු එම ස්ථානයෙන් පලා ගිය බව ප්‍රකාහ කර ඇත. අද පෙරවරුවේ යාපනයේ පොලිසියට භාර වීමෙන් පසුව ජයන්තන් යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කෙරිණී.