தமிழ்
English
Contact
Thursday 29th September 2022    
ජෙරුසලමේ සංහාරයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජෙරුසලමේ සංහාරයක් !



ඊයේ(14) දින ජෙරුසලමේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පිහිටුවීමට විරෝධය පළකළ නිරායුද පලස්තීන ජාතිකයින් 55 දෙනෙකු ඝාතනය කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ම්ලේච්ඡ වෙඩි තැබීමෙන් ඝාතනය වූවන් අර වයස 18 අඩු ළමයින් 6 දෙනෙකු සිටී. මෙම වෙඩි තැබීමෙන් 2700කට වැඩි පිරිසක්බා තුවාල ලබා සිටින අ;ර ඒඅතර ළමුන් 203 දෙනෙකු හා කාන්තාවන් 78 දෙනෙකු සිටින බව වාර්තා වේ.

තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 06 දෙනෙකු සිටන අතර රෝයිටර් මාධ්‍යවේදී අහමඩ් සැක්වයිට්ද තුවාල ලබා ඇති බව වාර්තාවේ. ජෙරුසලම පලස්තීන ජාතිකයන්ගේ ඒෙතිහාසික අගනගරය වන අතර මෑතකදී ඊශ්‍රායලය සිය අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.  එක්සත් ජනපද තානාපති කාර්යා”ලය ජෙරුස”ලමේ නැවන ස්පිතාත කිරීමට එරෙහිව පලස්නතී ජනයා සිය බලවත් විරෝධය පළකරයි.  මෙකී විරෝධතවන්ට පලස්තීන ජාතිකයන් 35000කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංහාරය සම්පූර්ණයයෙන්ම එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද දේශපාලන කුණාටුවක ප්ය‍රතිපලයක් වේ. මන්ද මෙතෙක් කළක් ටෙල් අවීව්හි පැවැති එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්‍රම්ප් පිලනය විසින් ජෙරුසලමේ පිහිටුවීමට තීරණය කිරීමෙන් මෙම සංහාරයට අවශ්‍ය පසුබිම සැකසීය

ජෙරුසලම ඊශ්‍රායල් අගනුවර ලෙස ප්‍රකාශයට පත් කිරීමේ තීරණයට පක්ෂවීමෙන් නොනැවතී තම තානාපති කාර්යාලය නැවත ජෙරුසලමේ පිහිටුවීමට කිසිදු පලස්තීන ජාතිකයෙකු ඉවසුම් නොදෙනු ඇත. වෙන් වටපිටාවක පලස්තීන ජනයාගේ විරෝධයට වෙඩි තැබීමෙන් හා මෙවන් සමූහ ඝාතනයක් සිදු කිරීමෙන් ඊශ්ය‍රායලයට කිසිදාක ජෙරුසලම සිය අගනුවර ලෙස සාමකාමීව පවත්වා ගැනීමට නොහැකිවනු ඇත.