Posted on 06.14.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඊශ්‍රායලයේ 12 වසරක පාලනය ගෙන ගිය ලිකුඩ් පක්ෂ පාලනය අවසන් කරමින් අගමැති බෙන්ජමින් නෙතනියාහු ඊයේ (13) ඊශ්‍රායල් පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහ කරනු ලැබීය.
නෙතනියාහුගේ පරාජය සටහන් කළේ විපක්ෂයේ පක්ෂ 8ක සන්ධානයක් මගිනි. මෙම සභාග ආණ්ඩුව විසින් තවදුරටත් ඊශ්‍රායලයේ දක්ෂිණාංශික පිළිවෙත් ඉදිරියට ගෙනයනු ඇති අතර අගමැති ලෙස දිවුරුම් දෙන්නට නියමිත යමිනා පක්ෂයේ නාට්ෆාලි බෙනෙට් පලස්තීනයේ බලහත්කාරී ඊශ්‍රායල් ජනාවාස ඇති කිරීමේ ව්‍යාපාරයේ නායකයා වේ. සභාග ගිවිසුමට අනුව 2023 සැපැම්බර් දක්වා අගමැති ලෙස කටයුතු කරන බෙනෙට් ඉන්පසුව, යෙශ් අටිඩ් නමැති පක්ෂයේ නායක යෙආර් ලපිඩ් වෙත භාර දෙන්නට නියමිතය.
කෙසේවෙතත් මෙම දක්ෂිණාංශික සභාගයට පලස්තීන ජාතිකයන් නියෝජනය කරන මන්ත්‍රීවරු හතරක් සහිත ‘රාම්’ පක්ෂයද අයත් වෙයි. ඊට අමතරව අරාබි නොවන ඊශ්‍රායල් ජාතිකයන් නියෝජනය කරන ඇතැම් පක්ෂ සභාගයේදී පලස්තීන ඊශ්‍රායල් ගැටුම හා දායකවීමට වඩා තමන් නියෝජනය කරන ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමට තීරණය කොට ඇත. මේ නිසා සභාග ආණ්ඩුව තුළ අභ්‍යන්තර ආතතියක් ඇතිවීමේ ඉඩකඩ වැඩිවන අතර පරාජිත නෙතන්යාහු විසින් මෙම සභාගය පාවාදීමේ දේශපාලනයක් ලෙස නම්කර ඉක්මනින් පරාජය කළ යුතු බවට හඳුන්වා දී ඇත.
ඔහුට එල්ල වී ඇති දුෂණ චෝදනා හේතුවෙන් නව පාලනය ඉක්මනින් පරාජය කිරීම ඉක්මන් අවශ්‍යතාවක් වී ඇත.